යාපනයට කොරෝනා ගෙනාවා යැයි කියා නිරෝධායනය වූ පවුලකට ගහලා…

ගුටි බැට හුවමාරු කරගත් පවුල් හතරක 8 දෙනෙක් දින 14ක් නිරෝධායනයට....

දිනසේන රතුගමගේ –

යාපනයේ පේදුරුතුඩුව ප්‍රදේශයේ නිරෝධායනයට ලක් ව සිටි පවුලක් සමග ගුටි බැට හුවමාරුවක් ඇති කරගත් පවුල් හතරක  සාමාජික සාමාජිකාවන් 8 දෙනෙකු  දින දාහතරක කාලයකට නිරෝධායනයට ලක් කිරීමට යාපනයේ සෞඛ්‍ය බලධාරීන්ට 7 දා සිදුව තිබේ.

කොරෝනා ආසාදිතයෙකු ඇසුරු කිරීම නිසා පේදුරුතුඩුවේ එක් පවුලක් නිරෝධායනයට ලක් කොට සිටි අතර ඔවුන් යාපනයට කොරෝනා ගෙන එන ලද බවට චෝදනා කරමින් එම ප්‍රදේශයේ පවුල් දෙකක නිරෝධායනය වූ පිරිස සමග ගුටි බැට හුවමාරු කරගෙන තිබේ.

මේ සිද්ධියෙන් පසුව පොලීසිය අදාල ස්ථානයට පැමිණ ඇති අතර සෞඛ්‍ය නිලධාරින්ගේ උපදෙස් මත ඔවුන්ව පලමුව නිරෝධානයන කිරීමටත්  දෙවනුව ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් පියවර ගෙන තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනය පේදුරුතුඩුව පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version