යාපනයට එන චීන්නුන්ට කොරෝනා නීති නෑ… සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් කියයි..

දිනසේන රතුගමගේ –

යාපනය අර්ධ ද්වීපය තුළ චීන රජය විසින් සිදු කරණු ලබන දැවැන්ත සංවර්ධන කටයුත්තක් මෙතෙක් ආරම්භ වී නැතත් ප්‍රදේශය තුළ චීන ජාතිකයින් සියයකට වඩා සැරි සරණ බව තමන් කළ විමර්ශනයකදී හෙළි වූ බව ඊ.පී.ආර්.එල්.එෆ්.සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ඊයේ 24 දා යාපනයේදී පැවසීය.

යාපනයේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී  අදහස් දැක් වූ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්   කියා සිටියේ මේ චීන ජාතිකයින් නිතරම යාපනය නගරයේ සිටිනු දැකිය හැකි බවයි.

රජය චීන සමාගමක ආධාර මත යාපනයේ දූපත් පළාත් වල  සුළං බල විදුලි බලාගාර පිහිටුවීමට යන බවත් ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණේ මේ සතියේදී බවත් පැවසූ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්  කියා සිටියේ දැනට මාස ගණනක සිට චීන ජාතිකයින් යාපනයේ රැඳී සිටින්නේ මන්දැයි සොයා බැලිය යුතු බවයි.


යාපනයේදී දක්නට ලැබෙන චීන ජාතිකයින්  කොරෝනා නීති රීති කෙරෙහි කිසිදු අවධානයක් යොමු කරන බවක් පෙනෙන්නට නැති බව සඳහන් කළ ඊ.පී.ආර්.එල්.එෆ්.නායකයා යාපනයේදී  නීති දෙකක් ක්‍රියාත්මකවන මේ තත්ත්වය කෙරෙහි තම පක්ෂයේ අප්‍රසාදය රජය කෙරෙහි පල කොට සිටින බවද පැවසීය.

යාපනයට  චීන ජාතිකයින් පැමිණ නිදහසේ ජීවත් වන අතර වාරයේ රජයේ යම් යම් වැඩ සටහන් ඔස්සේ දකුණේ සිංහල ජනතාව වවුනියාව යාපනය මන්නාරම වවුනියාව හා මුලතිව් යන පළාත් වල පදිංචි වෙමින් සිංහල ජනාවාස ඇති කරණ බවද හිටපු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්  පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මුලතිව් ,වැලිඔය හා වවුනියාව පළාත් සිංහල ජනාවාස බලහත්කාරයෙන් ඇති කිරීම සදහා රජය තෝරා ගෙන ඇති බවත් මහවැලි අධිකාරිය පොල් සංවර්ධන මණ්ඩලය කජු සංස්ථාව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ඒ කටයුතු සදහා රජයට සහය දෙන බවද  සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පැවසීය.

 

Exit mobile version