යාත්‍රාව අනතුරට ලක්ව පැමිණි බව කියන ඉන්දීය ධීවරයන් 4දෙනා ගැන සැකයි….

ආරක්ෂක අංශ කියයි...

දිනසේන රතුගමගේ –

ඉන්දියාවේ සිට  පැමිණ යාපනයේ වඩමරච්චි චලෙයි මුහුදු සීමාටව 9 දා රාත්‍රී ගොඩ බසින ලද ඉන්දීය ධීවරයින් හතර දෙනෙක්  ඔවුන්ගේ යාත්‍රාව කාර්මික දෝෂයකට ලක් වීම නිසා එසේ පැමිණි බව ආරක්ෂක අංශ වලට ප්‍රකාශ කොට ඇතත්  ඔවුන් පිළිබඳව ආරක්ෂක අංශ වලට විශාල සැකයක් පහල වී තිබේ.

ආරක්ෂක අංශ සැකකරණු ලබන්නේ මේ හතර දෙනා කිසියම් ජාවාරමක් සදහා ඉන්දියාවේ සිට පැමිණෙන්නට ඇති බවයි.

ඔවුන්ගේ යාත්‍රාවේ ඉන්ධන අවසන් වූ නිසා යාත්‍රාව ගොඩ බිමට පාවී යාපනයේ චලෙයි ප්‍රදේශයට ලඟා වූ බව ඔවුන් ප්‍රකාශ කරන නමුත් ඒ සම්බන්ධයෙන් ඔවුන් කිසිවෙකුටත් තොරතුරු ප්‍රකාශ කොට නොමැති බව හෙළි වී තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනයේ ආරක්ෂක අංශ විසින් මේ හතර දෙනා නිරෝධායනයට යොමු කොට ඇති අතර මේ පිළිබඳව ඉතා දීර්ඝ වශයෙන් පරීක්ෂණ පැවැත්විය හැක්කේ එම නිරෝධායන කටයුතු වලින් පසුව බවද සදහන් කරයි.

Exit mobile version