යළිත් නුවර භූ කම්පනයක්… තත්පර 30ක් තිස්සේ දිගන සෙලවේ…

අද උදෑසන 9.25 ට පමණ නැවත් නුවර භූ කම්පනයක් වාර්තා වුනේය.

තත්පර තිහක් පමණ පැවති මේ භූ කම්පනය නිසා දිගන, අනුරගම, අඹකොටේ, අලුත්වත්ත, යන ප්‍රදේශවල ප්‍රදේශවාසීහු දැඩි ලෙස බියට පත් වූහ.

ගෙදර තිබුණු බඩු හෙල්ලුනා… කඩවල් වල රාක්ක වල තිබුණු බඩු වැටෙන්න ගියා…


මේ සම්බන්ධව අදහස් දැක්වූ අඹකොටේ ප්‍රදේශවාසියෙක් ලංකාසරට කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට මෙවැනි භූ කම්පන තුනක් ගතවුණු වසර තුළ වාර්තා වී ඇත. පතල් හා භූ විද්‍යා සමීක්ෂණ කාර්යාංශය පරීක්ෂණ ආරම්භ කර ඇත.
සිද්ධියට හේතුව සවස් වනවිට නිගමනය කළ හැකි බව ඔවුහු කියති.

Exit mobile version