යළිත් තද වැසි සහ චණ්ඩ සුළං….

ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත ව (13N-20N, 85E-95E) අඩු පීඩන කලාපයක් වර්ධනය වෙමින් පවතින බවත්, ඒ හේතුවෙන් දිවයිනේ උතුර, ඊසාන, නැගෙනහිර, ගිණිකොණ ආශ්‍රිත ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද සුළං, තද වැසි, මුහුද රළු වීම් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවල නිරත නොවන ලෙසත්, දැනටමත් එම මුහුදු ප්‍රදේශවල ධීවර යාත්‍රා තිබේ නම් කඩිනමින් ඒ අය ආරක්ෂිත ස්ථාන වෙත යොමු කළයුතු බවත් අවධාරණය කෙරේ.

මෙහි බලපෑමෙන් දිවයින අභ්‍යන්තරයේ ද බොහෝ ස්ථානවල ඉදිරි දින කිහිපයේ වැසි, සුළං ඇති වනු ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ටවුටේ” සුළි කුණාටුවෙන් ඇති වූ අධික වැසි සමග ගංගා, ජලාශ බොහෝමයක් පිටාර මට්ටමේ පැවති බැවින් තවදුරටත් වැසි වැඩි වීම ඉතා අවධානම් වනු ඇති බවට වාරි මාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. නායයාම් අවධානම සහිත ප්‍රදේශවල ජනතාවට ද දැඩි විමසිල්ලෙන් සිටින ලෙස ගොඩනැගිලි පර්යේෂන ආයතනය පවසයි..

Exit mobile version