යහපාලනයේ මාර්ග වංචා සොයන්නැයි RDA ඇමති ජොන්ස්ටන්ගෙන් ඉල්ලයි

පසුගිය යහපාලන රජය යටතේ සිදුවූ වංචා හා දූෂණ පිලිබදව විධිමත් පරීක්ෂණ සිදු කරන ලෙස මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් අද දින (29) මහාමාර්ග අමාත්‍යාංශයේ පැවති රැස්වීමකදී ඉල්ලීමක් කර තිබේ.

විශේෂයෙන්ම පසුගිය යහපාලන කාලයේදී ලබාදුන් මහාමාර්ග ඉදිකිරීමේ හා සංවර්ධනය කිරීමේ කොන්ත්‍රාත් බොහොමයක් නිසි පරිදි ඉටුකර නොමැති බවත් අධිවේගී මාර්ග ඉදිකිරීමේදී හිතා මතාම ප්‍රමාදයන් කලාද යන්න පිලිබදවද සොයා බලන ලෙසත් අමාත්‍යවරයාගෙන් මෙම නිලධාරීන් වැඩිදුරටත් ඉල්ලා සිටින ලදී.

මධ්‍යම අධිවේගී මාර්ගයේ පලමු කොටස වන කඩවත සිට මීරිගම දක්වා වූ කොටස හා දෙවන කොටස වන මීරිගම සිට පොතුහැර කොටස පිලිබදව විශේෂ අවධානයක් යොමු කරන ලෙසද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට නිලධාරීන් විසින් ප්‍රකාශ කරන ලදී.


තවද විශාල වශයෙන් පසුගිය යහපාලන කාලයේදී අතරමග නවතා දැමුණු මාර්ග ඉදිකිරීම් කටයුතු හා සංවර්ධනය කිරීම් නැවත ජනතාව වෙනුවෙන් ආරම්භ කරන ලෙසද මෙම නිලධාරීන් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් ඉල්ලා සිටියහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උක්ත කරුණු කාරණා පිලිබදව අවශ්‍ය තොරතුරු තමාවෙත ලබා දෙන ලෙසත් පසුගිය යහපාලන කාලයේදී අතර මග නැවතුන මාර්ග ඉදිකිරීම් ජනතාව වෙනුවෙන් ඉටු කරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට පැවසීය.

Exit mobile version