යලේ අස්වනු නෙලන්න පටන් අරන්… වී මිල අඩුවෙලා… රජයට මැදිහත් වන්නැයි ගොවීහු ඉල්ලති!

මනම්පිටිය නිමල් ජයරත්න –

මහවැලි බී කලාපයේ ඇතැම් ප්‍රදේශවල වී අස්වනු නෙලීම ආරම්භ වීමත් සමග වී මිල පහළ යෑමේ ප්‍රවණතාවයක් තිබෙන බවත් ඒ අපරාධයට ඉඩ නොදෙන ලෙසත් පුලතිසි ගොවි වෙළද පාරිභෝගික හවුලේ අනුශාසක දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ රජයෙන් ඉල්ලා සිටිති.

 

රාහුලාලංකාර හිමි…

පොලොන්නරුව දිස්ත්‍රික්කය ඇතුළු මහවැලි බී කලාපයේ වැඩිමනත්  වී අස්වනු නෙලීමට ආසන්නව පවතින බැවින්   එම වී අස්වනු නෙලා ගැනීමට අවශ්‍ය යන්ත්‍ර සඳහා විධිමත් ක්‍රමයකට ඩීසල් ලබාදෙන ලෙසත්, වී නිශ්පාදනයේදී ගොවියාට වියදම් විශාල වශයෙන් වැය වූ බැවින් අවම තරමේ සම්බා වී කිලෝ එකක් සඳහා රුපියල් 170කුත්, නාඩු වී කිලෝවක් සඳහා 150කුත්, කීරි සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 200කුත් ලෙස මිල නියම කරන ලෙසත්  උන්වහන්සේ වැඩිදුරටත්  රජයෙන් ඉල්ලීමක් කරති.

වැලිකන්ද සුසිරිගම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී අද (11) පුලතිසි ගොවි වෙළෙඳ පාරිභෝගික හවුල කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවේදී රාහුලාලංකාර නාහිමියෝ ඒ බව සඳහන් කළහ,

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙවර යල කන්නයේ ගොවීන් වී නිෂ්පාදනය කර ගැනීමට යෙදවුම් සඳහා තම කණකර අතුළු සේසතම බැංකුවලට උකස් තබා විශාල මුදලක් වැයකර ඇති බව පෙන්වා දුන් උන්වහන්සේ  සාමාන්‍යයෙන් මෙවර අක්කර දෙකහමාරකින් ගොවියාට   වී කිලෝ 3500ක් පමණ ලබා ගැනීමට හැකියාව පවතින බවත් රාහුලාලංකාර නාහිමියෝ කීහ.


Exit mobile version