යලත් ඇනෙයි!

රට අනතුරට දමන චීන පොහොර ඩීල් එකක් සමග හමුදාව කුඹුරට එන ලකුණු!

පස පරීක්ෂා කිරීම, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අනුමැතිය සහිත පොහොර ගොවීන්ට බෙදා හැරීම වැනි කරුණු කෘෂිකර්ම අමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍යවරයා ජනාධිපතිවරයා ඉදිරිපිට රාජ්‍ය නිලධාරීන් වෙත ප්‍රකාශ කර සිටියත් යල කන්නයේ ගොවිතැන සඳහා යෙදවුම් ආනයන හෝ නිශ්පාදනය පිළිබඳ නිශ්චිත වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනු වෙනුවට චීනයෙන් විශේෂිත පොහොරක් ආනයනයක් ගැන ඉඟි කරමින් සිටින බව කෘෂිකර්ම ක්ෂේත්‍ර ආරංචි මාර්ග පවසයි.

චීනයෙන් ගෙන්වන බව කියන මෙම විශේෂිත පොහොර කාබනික ද අකාබනික ද, සංයුතිය කුමක්ද, අපේ නෛතික රාමුවට එකඟද යන්න දන්නේත් රාජ්‍ය ඇමතිවරයා සහ පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන් කිහිප දෙනෙක් පමණක් බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

එම තොරතුරු මූලාශ්‍රවලට අනුව චීන පොහොර තොගය ප්‍රතික්ෂේප කළ, දශකාධික කාලයක් මේ රටේ සකලවිධ ජෛව පරිසරය ආරක්ෂා කළ 1704 ප්‍රමිතිය මගහැර විශේෂිත පොහොර ලෙස හැඳින්වෙන පොහොර සඳහා නෛතික පදනමක් මේ වනවිට සකස් කරමින් තිබේ.


එම ප්‍රමිතිය සකස් කර ගැනීම සඳහා අවසන් අදියරයන් අතරට එන මහජන අදහස් ලබා ගැනීම මේ වනවිට සිදුවෙමින් ඇති බවත්, අනතුරුව විද්වත් පර්ශදයන්හි අදහස් ද සහිතව මේ දත්ත අවසන් නිර්දේශය සඳහා සමාලොචනය කළ යුතු බවත්, මෙම නීති සම්පාදනයේ උත්සාහයවත් අවසන් නොකළ පසුබිමක, ඉදිරි සති තුන තුළ නැවත චීනයෙන් ගෙන්වීමට යන විශේෂිත පොහොර ලෙස නම් කළ සැඟවූ පොහොර තොගය නැවත ක්ෂේත්‍රයේ බරපතල ව්‍යසනයක් ඇති කරන බව පමණක් ප්‍රකාශ කළ හැකි බවත් උක්ත ආරංචි මාර්ග කියයි.

“ කලින් ගෙන්වූ පොහොර ටොන් 96 000 වෙනුවට නැවත චීනයෙන් කැට පොහොර ටොන් 56 000ක් ගේන්න සැලසුම් කරලා තියන බව වාර්තා වෙනවා. මෙම පොහොර විශේෂිත පොහොර නමින් ප්‍රකාශිතයි. ඒ විශේෂිත පොහොර කාබනික ද, අකාබනික ද, 1704 ප්‍රමිතිය යටතට වැටෙනවා ද නැද්ද යන්න තවම කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු කෘෂිකර්ම ක්ෂේත්‍රයේ කිසිවෙක් නිවැරදිව දන්නෙ නෑ. දැනට මේ ගැන දන්නෙ පොහොර ලේකම් කාර්යාලයෙ කීප දෙනෙක් විතරයි. රටේ කෘෂිකර්මයට වග කියන කෘෂි විද්වත්තු නොදන්න මොනවදෝ දෙයක් වෙනවා.“

“ නිසි නෛතික පදනමක් නිර්මාණය වෙලා නැතිව මේ පොහොර ගෙන්වන්නෙ කොහොමද කියන එක ගැටලුවක්. කෙසේ වුනත් 1704 ප්‍රමිතිය යටත් නොවන පොහොරක් ආනයනයට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාට විරුද්ධ වෙන්න බෑ. එහි බලය තිබෙන්නෙ පොහොර ලේකම් කාර්යාලයට…“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් මේ වනවිට හමුදා මෙහෙයුමක් ලෙස යල කන්නයේ වගාව සිදු කිරීමටත් එම වගාව චීන යෙදවුම් සහිතව කාබනික වගාවක් ලෙස නම් කර සිදු කිරීමටත් සැලසුම් සකස් වෙමින් ඇතැයි වාර්තා වේ.

Exit mobile version