යමක් ඉල්ලනකොට පරිස්සමින් ඉල්ලන්න… පනතක් ගෙනත් ප්‍රජා අයිතිය අහෝසි කරනවා…

පාස්කු කොමිසමෙන් හිටපු ජනාධිපති අගමැති ඇමති මණ්ඩලය වරදකරුවො කරලා තියෙන්නෙ... ජනපති කියයි...

යමක් ඉල්ලනවිට ප්‍රවේශමෙන් ඉල්ලන්නැයි ජනාධිපතිවරයා අද විපක්ෂයට අනතුරු ඇඟවූයේය. ජනාධිපතිවරයා මෙම අනතුරු ඇඟවීම   සිදුකළේ අද සවස කල්‍යාණීපුර රන් පිවිසුම විවෘත කළ අවස්ථාවේ රටේ ජනතාව අමතමිනි.

එහිදී වැඩිදුරටත් කතා කළ ජනාධිපතිවරයා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව හිටපු රජය විසින් පත් කළ ජනාධිපති කොමිසමේම එහි වැරදිකරුවන් ලෙස හිටපු ජනාධිපති, අගමැති, සහ ඇමතිමණ්ඩලය නම් කර ඇති බවත්, අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් නොකර එම අධිකරණ ක්‍රියාවලිය පවත්වාගැනීමට උත්සාහ කිරීමේ දී    කඩිනම් විසඳුමක් ඉල්ලන්නේ නම් පාර්ලිමේන්තු පනතක් ගෙනැවිත් මීට වගකියන අයගේ අයිතිවාසිකම් අහෝසිකර දමන බවත්   කීවේය.

මේ අයට ඒ කරපු  වැරදි  තවත් මේ රටේ කරන්නට නොදෙන මට්ටමට  ක්‍රියා කිරීමට අවශ්‍යනම් හැකි බවත් ඔහු පැවසුවේය.


“ඒකනම් ඉල්ලන්නෙ අපි ලෑස්තියි ඒක කරන්න. අපිට තුනෙන් දෙකක බලයක් තියනවා.“ කී ජනාධිපතිවරයා මෙසේත් පැවසුවේය.

“තව අපි ඇවිත් අවුරුදු දෙකයි. නමුත් ඒ අය පාර්ලිමේන්තුවෙදි කතා කරන්නෙ ජීවිතේට රට පාලනය කළ කට්ටියක් නොවන හැටියට.  කිසිම ඇමතිකමක් දරපු අය නොවන හැටියට. ඒ ඇමති මණ්ඩලය…

පාස්කු ඉරිදා ප්‍රහාරය වෙනකොට කවුද මේ රට පාලනය කළේ. එදා අපි ශක්තිමත් ආරක්ෂක සේවාවක් ඇති කරලා තිබුණා. ඒකයි අපට යුද්ධය දිනන් පුලුවන් වුනේ. එදා අපි ශක්තිමත් බුද්ධි සේවාවක් ඇති කරලා තිබුණා. යුද්ධයෙන් පස්සේ කිසිම සිද්ධියක් ඇති නොවුනෙ ඒ හින්දා.

නමුත් ඒ අය බලයට ඇවිල්ලා බුද්ධි සේවවා නැතිකරලා, රණ විරුවන්ව නැති කරලා, ඔවුන්ගේ මානසිකත්වය කඩා දාලා   මේ රටේ ජාතික ආරක්ෂාව කෙරෙහි කිසිම ප්‍රමුඛත්වයක් නොදී  මේ රට පාලනය කරන්න ගිහින් පාස්කු ඉරිදා සිද්ධිය සිදුවුනේ.

ඒ අයම පත් කළා ජනාධිපති කොමිසමක්.  ඒ කොමිසමේ පැහැදිලිව කියලා තියනවා වැරදි කාරයො කවුද කියලා. ජනාධිපතිවරයා එවකට හිටිය, අගමැතිවරයා, ඇමති මණ්ඩලය, වගකියන්න ඕන කියලා පැහැදිලිවම කියලා තියනවා.

අපි ඒ සියලුම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියනවා, නීතිපතිට ලබා දීලා තියනවා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දීලා තියනවා ඒ ගැන පරීක්ෂා කරලා නිසි දඬුවම් ලබා දෙන්න.

හැබැයි අර ගිය ආණ්ඩුව වගේ අපි දේශපාලන පලිගැනීම් කරන්න අපි ඇඟිලි ගහන්නෙ නෑ. ඇයි අපි කිව්වෙ නීතිය,…  ස්වධීනත්වය තියන්න අධිකරණයෙ. එක පැත්තකින්  අධිකරණය ස්වාධීනත්වය ගැන කියද්දි තව පැත්තකින් කියන්න බෑ අහවලා ගෙන්න අහවලාට දඬුවම් කරන්න කියලා. ඒක අධිකරණය කරයි. මගෙ විශ්වාසයක් තියනවා.

හැබැයි කඩිනමින්ම කරන්න ඕන නම් අපට පුලුවන් පාර්ලිමේන්තුවෙ පනතක් ගෙනල්ලා, එහෙම කරලා තියනවා මීට ඉස්සෙල්ලා,  වගකියන අයගේ අයිතිවාසිකම් අහෝසි කරලා දාන්න. තවත් ඒ කරපු  වැරදි  තවත් මේ රටේ කරන්න නොදෙන මට්ටමට  ක්‍රියා කරන්න පුලුවන් අවශ්‍යනම්.  ඒකනම් ඉල්ලන්නෙ අපි ලෑස්තියි ඒක කරන්න. අපිට තුනෙන් දෙකක බලයක් තියනවා.

එක එක ඒව ඉල්ලනකොට ටිකක් ප්‍රවේසමෙන් ඉල්ලන්න. ඒකටත් අපි ලෑස්තියි.

ජනතාව රැවටෙන්නට එපා. මම හොඳ නැතිනම් මේ ආණ්ඩුව හොඳ නැතිනම් විකල්පය ඔය විපක්ෂය ද?. අවුරුදු දෙකකට කලින් අවුරුදු පහක් පාලනය කළ හැටි අපි දැක්ක. ඒක නිසා තමයි තමුන්නාසෙල දන්නවා. එදා කිව්වා ගෝඨාභය රාජපක්ෂට දින්න බෑ, සුලු ජාතීන්ගෙ ඡන්ද එයාට ලැබෙන්නෙ නෑ කියලා.

අපි දිනුවෙ නැද්ද?

ඒ වගේම අපි මේ රටේ යුද්ධය අවසාන කළාටත් වඩා ආසන සංඛ්‍යාවක් ජනතාව ලබා දුන්නා. මාව ඉතා විශාල සංඛ්‍යාවකින් ජයග්‍රහණය කළෙත් පාර්ලිමේන්තුවෙ අපට තුනෙන් දෙකක ඉතා විශාල බලයක් ලබාදුන්නෙත් ඔය කියන කණ්ඩායම ඒ අයගෙ අසාර්ථකත්වය, දුර්වල පාලනය, පලිගැනීම් ජනතාව පිළිකුල් කළ නිසා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉතින් ඒ අයව නැවත බලයට ගේන්න මේ රටේ ජනතාව සූදානම් නැති බව මා හොඳ හැටියට දන්නවා.  .

Exit mobile version