යකඩ වැටවල් ගහගෙන ඒවයෙ ජංගි එලලගෙන අපි ගත කරන මේ ජීවිතය කුමක් ද?. සජබ කතානායකගෙන් අසයි!

උද්ඝෝෂණය කරන සරසවි සිසුන්ට පහර දීම වළක්වන්න... ඒ සම්බන්ධව ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේ දී කරන්න...

පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණයේ යෙදෙන තරුණ සරසවි සිසුන්ට පහර දීම වළක්වන ලෙස ප්‍රකාශයක් කරන්නැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු අද කථානයක වරයා හමුවී දැඩිව ඉල්ලා සිටියහ.

මේඉන්න ඉඳිල්ල විලිලජ්ජා සහිත බවත්, පාර්ලිමේන්තුව වටේ වැටවල් ගසාගෙන වැටවල්වල ජංගි එල‍්ලාගෙන කොටු වී සිටින මේ පාර්ලිමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීමට විලිලජ්ජාවක් නැද්දැයි ඔවුහු කතානායකගෙන් විමසූහ.

“කතානායක තුමනි. ඔබතුමා කල්පනා කරන්න. අද යකඩ වැටවල් ගහගෙන වැටවල්වල ජංගි එල්ලාගෙන මේ ගතකරන ජීවිතය මොකක් ද?

ලේ වැගිරීමක් වෙන්න ඉඩ දෙන්න එපා. මේ රටේ ඉන්න ඉතිහාසය දන්න කෙනෙක් විදිහට තීන්දුවක් ගන්න.  ජනතාව කොයි වෙලාවෙ හරි මේකට කඩා වදිනවා. මේ මිනිස්සු ඉන්නෙ මේක ඇතුළට එන්න පාරවල් දන්නෙ නැතිව නෙවෙයි. මේක ඇතුළට කඩන් වැදුනොත් මේකත් ගිනිතියලයි යන්නෙ.“


ඔවුහු පෙන්වා දුන්හ. මේ ඩොලර් නැති වකවානුවේ ඩොලර් පනහක් වටිනා කඳුලුගෑස් උණ්ඩයක් මේ දරුවන් මත නොහෙලන ලෙසත් මේ උද්ඝෝෂකයන්ට පහර දීම වළක්වන ලෙස පොලිසියට නියෝග කරන්නැයි සභාවේ පකාශයක් නිකුත් කරන ලෙසත් ඔවුහු කතා නායකට බල කළහ.

එසේ නොවුනහොත් සිදුවන්නේ තමන්ටත් මේ උද්ඝෝෂණය කරන ශිෂ්‍යන්ගේ පැත්තෙන් හිටගෙන පොලිසියට එරෙහි වන්නට බව ඔවුහු කීහ.

කතානායකවරයා ශිෂ්‍යයන්ට පහර දීම වළක්වන සේ  ප්‍රකාශයක් කිරීමට එකඟ විය.   එම උණුසුම් අවස්ථාව මාධ්‍යවේදියා වෙබ් අඩවියය සජීවීව විකාශනය කළේය. මේ එම අවස්ථායි..

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 

 

Exit mobile version