මොනතරම් අනතුරු වුනත් කොටලීය පාලම අලුතෙන් හදන්න විදිහක් නෑ… මහාමාර්ග ඇමති බන්දුල කියයි!

මෙහෙම පාලම් විශාල ගණනක් තියනවා... ඒත් ඉතින් කරන්න දෙයක් නෑ....

ශ්‍රියානි විජේසිංහ –                                             

මනම්පිටිය කොටලීය පාලම ප්‍රතිසංස්කරණය  කිරීම සඳහා රුපියල් මිලියන 300ක් ඇස්තමේන්තු කර ඇති නමුත් ණය ප්‍රතිව්‍යුගතකරන ක්‍රියාවලිය හේතුවෙන් අනතුරු සිදුවුවද එය ප්‍රතිසංසකරණය කිරිමට මේ මොහොතේ ලංකා රජයට හැකියාවක් නොමැති බව ප්‍රවාහන හා  මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.

මීට වසර 5ට පමණ පෙර මෙම පාලම ප්‍රතිසංස්කරණය කිරීමට  මාර්ග සංවර්ධ අධිකාරිය තක්සේරු කර ක්‍රියාකාරි සැලැස්මක් සාදා තිබෙන බවද ඇමතිවරයා පෙන්වාදේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ නමුත් මෙවැනි අනතුරුදායක  පාලම් විශාල සංඛ්‍යාවක් රටතුල පවතින නමුත් ඒවා මේ මොහොතේ ප්‍රතිසංකරණය කිරීමේ හැකියාවක් නොමැති බවද ඔහු කියයි.

Exit mobile version