මෛත්‍රීගේ පුතාට පහර දීමේ සිද්ධියට වැඩ තහනම් වූ සී.අයි. ලින්ටන් සිල්වා යළි වැඩ

නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ බාල පුත්‍රයාට පෑලියගොඩ පොලිස් ස්ථානය තුළදී අමානුෂික ලෙස පහරදුන්නේ යැයි චෝදනා එල්ලවීමෙන් අනතුරුව වැඩ තහනමකට ලක්ව පෑලියගොඩ පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ලෙනාඩ් සිල්වා මහතා යළි සේවයේ පිහිටුවා තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් විනය පරීක්ෂණයකට යටත්ව හිටපු ස්ථානාධිපතිවරයාව යළි සේවයේ පිහිටුවා ඇති ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය.
මෙම පහරදීම සිදුවන්නේ පසුගිය පෙබරවාරියේදීය.

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙක් මුණ ගැසීමට පැමිණි නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත්‍රයා වන නීති ශිෂ්‍ය මිගාර ගුණරත්න මහතා සිර මැදිරියේ සිටි සැකකරුවෙකුට ඇමතුමක් ගැනීමට ජංගම දුරකතනයක් ලබාදුන්නේ යැයි කියන සිදුවීමක් ඊට මුල්වී තිබුණි.


ලින්ටන් සිල්වා ඇතුළු තිදෙනෙකු වැඩ තහනමට ලක් කෙරුණු අතර ඔවුන්ට එරෙහිව විනය පරීක්ෂණයක් ද ආරම්භ විය. නීතිපතිවරයා පොලිස්පතිවරයාට නියෝගකර තිබුණේ ලින්ටන් සිල්වා ඇතුළු සැකාකාර පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටය.

එහෙත් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමක් සිදු නොවූ අතර ලින්ටන් සිල්වා මාධ්‍ය හමුවක් පවත්වමින් ඩුබායි සිටින පාතාලයේ අපරාධකරුවන් තමාට මරණීය තර්ජනය කරන බව සදහන් කරමින් ආරක්ෂාවක් ඉල්ලා සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් එම තර්ජනය සම්බන්ධයෙන් පවා මෙතෙක් පොලිස් විමර්ශනයක් ආරම්භවී ඇතැයි අනාවරණය වන්නේ නැත.

Exit mobile version