මෛත්‍රීපාල සිරිසේනට පොහොට්ටුවෙන් ප්‍රහාරයක් – තාත්තා ලෙඩ ඇ‍‍ඳ‍ේ ඉද්දී දරුවො දේපළ බෙදාගන්නා

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටිහැටියේම අභයාරාමයට ගොස් ගුරු වැටුප් විසදීමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම දේශපාලන කුමන්ත්‍රණයක් බව ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. තවදුරටත් ඒ මහතා කියා සිටියේ මෙවැනි අවස්ථාවාදීන්ගෙන් ආණ්ඩුව ප්‍රවේශම් විය යුතු බවද කොළඹදී අදහස් දක්වමින් මාධ්‍යයට වැඩිදුරටත් සඳහන් කළේය.

සිරිසේන මහතා වසර 5ක් තිස්සේ ජනාධිපති ධූරය දැරූ බව පෙන්වා දුන් තෙන්නකෝන් මහතා ඒ කාලය තුළ මෙම ප්‍රශ්නය නොවිසදා දැන් නින්දෙන් අවදි වුවා මෙන් ඒ පිළිබදව දැන් කතා කිරීම පිළිගත නොහැකි බව කියා සිටියේය.

මේ වනවිට ආණ්ඩුව ගුරු වැටුප් ප්‍රශ්නය විසදීම සදහා සංවේදීව ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බවත්, ඉදිරි අයවැයෙන් ඒ සදහා අඩිතාලම දමා ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එවැනි වටපිටාවක් පැවතියදී හිටපු ජනාධිපතිවරයා සිදු කරන ‌අවස්ථාවාදී දේශපාලනය පිළිබදව ආණ්ඩුව මෙන්ම ජනතාවද විමසිල්ලෙන් සිටිය යුතු බව මන්ත්‍රීවරයා කියා සිටියේය.
මෙය හරියට පියා ලෙඩ ඇදේ සිටියදී දරුවන් පැමිණ දේපොළ ලියා ගැනීමට ගන්න උත්සාහයක් වැන්නක් බවද තෙන්නකෝන් මහතා පෙන්වා දුන්නේය.

Exit mobile version