‘මෛත්‍රීගේ උත්සවය නැවැත්තුවේ සාහසික දේශපාලනයයි’

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශ්වවිද්‍යාල දරුවන් වෙනුවෙන් පහළොස් වැනිදා  පොළොන්නරුවේදී පැවැත් වූ උත්සවය සාහසික දේශපාලනය විසින් නවතා දැමූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



 2019 වර්ෂය සඳහා විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලැබූ දරුවන්ට උපකාර කිරීම සඳහා මෙම උත්සවය හිටපු ජනාධිපතිවරයා විසින් සංවිධානය කළ බවත් එලෙස දරුවන්ට සහන ලබාදීම සාහසික දේශපාලනයට දරාගත නොහැකි වීම නිසා එය කඩාකප්පල් කළ බවත් හෙතෙම කීය.

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළ දයාසිරි ජයසේකර මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වූ එම උත්සවයට ප්‍රදේශයේ සහකාර මැතිවරණ කොමසාරිස්වරයාගේ අනුමැතිය ලබාගෙන අනාවරණය කළේය.
නමුත් හිටපු ජනාධිපතිවරයා විසින් විශ්වවිද්‍යාල දරුවන්ට ලබාදීමට ලබා දීමට සූදානම් කර තිබූ තිළිණපතේ වචනයක් හේතුවෙන් උත්සවය නතර කිරීමට දැනුම් දුන් බව ඒ මහතා කීය.

Exit mobile version