මෛත්‍රිපාල සිරිසේන යළිත් ජනපති වෙන්න හදයි !

එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය සමඟින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණයට තරඟ කර තමන්ට ජයග්‍රණය කිරීමට හැකිවෙනු ඇතැයි අපේක්ෂා කරන බවද, තමාට එරෙහි කිසිදු කුමන්ත්‍රණයකට බිය නොවන බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේය.

පාස්කු ඉරිදා ප්‍රහාර සිද්ධිය  පිළිබද ව නඩු තීන්දුවෙන් පසුව විවිධ පුද්ගලයන් විවිධ කතා පතුරවන බව සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා මෙම නඩු තීන්දුව නිසා ජනාධිපති ධුරයට තරග කිරිම හෝ වෙනත් කිසිදු පුරවැසි වරප්‍රසාදයක් කප්පාදු වී නැති බවද පැවසීය. පාස්කු ප්‍රහාරය හේතුවෙන් තමන් සමඟ කතෝලික ජනතාව කිසිදු ආකාරයක වෛරයකින් පසු නොවන බව ස්ථිර බව ප්‍රකාශ කළ මෛත්‍රිපාල සිරිසේන මහතා කතෝලික ජනතාව සමඟ පසුගිය වසර හතර තුල කටයුතු කිරීමේදි ඔවුන්  පළ කළ සහය තුළින් ඒ බව දිස්වන බවද ප්‍රකාශ කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“මම කිසිම දෙයකට පසුබසින්නේ නැහැ.. මම කිසිම කුමන්ත්‍රණයකට බය නැහැ.. මම නීතියට සහ අධිකරණයට ගරු කරනවා.. මම ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රීලනිපයේ සහාය ඇතිව තරග කරනවා… මොන කරදර දුන්නත් මම තරග කරනවා” ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version