මේ වෙන්නේ කුමක් ද?  ඉන්දියාවෙන් ගෙන්වූ තවත් වෛද්‍ය සැපයුම් තොගයක් ප්‍රමිතියෙන් බාල බව තහවුරු වේ…

ශ්‍රියානි විජේසිංහ –  

ඉන්දියාවෙන් ගෙන්වන ලද හදිසි හෘදයාබාධ හඳුනා ගැනිමේ පරීක්ෂණ කට්ටල තත්ත්වයෙන් බාල බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පිළිගෙන ඇත.

මේ අනුව මෙම කට්ටල තොගය වහාම භාවිතයෙන් ඉවත් කරන්නැයි වෛද්‍ය සැපයුම් අංශය වෙත දැනුම් දී ඇතැයිද වාර්තාවේ.

මෙම හෘද සැත්කම් හඳුනාගැනීමේ කට්ටල නිසි ප්‍රමිතියෙන් යුක්ත නොවන බවට එය සැපයු  ඉන්දීය සමාගම විසින්ම සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දීමත් සමග මෙය භාවිතයෙන් ඉවත් කළ බව අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශ කයෙකු පැවසිය.

මේ අනුව මෙම කට්ටල බෙදා හැර තිබූ රෝහල්වෙත ලිඛිතව දැනුම් දී ඒවා භාවිතයෙන් ඉවත් කිරිමට කටයුතු කළ බව ඔහු පැවසූ අතරම අදාළ කට්ටල තොගය වෙනුව නව ප්‍රමිතියෙන් යුතු කට්ටල තොගයක් නැවත ගන්නේද නැතිනම් ඒ වෙනුවට අදාල සමාගමින්  මුදල් අය කර ගන්නේද යන්න පිලිබඳ මේ වන විටත් සාකච්ඡා කරමින් පවතින  බවද එම ප්‍රකාශකයා ලංකාසර කළ විමසුමේදි වැඩිදුරටත් අනාවරණය කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 ඉන්දියාවෙන් ගෙන් වූ ඖෂධ, එන්නත් හා ශල්‍ය උපාංග මෙසේ තත්ත්වයෙන් බාල ඒවා බව තහවුරු වෙමින් පවතින බවත් ඇතැම් ඖෂධ හේතුවෙන් මේ වන විට රෝගීන් ඇස් අන්ධ වීමටත් තවත් අය ජිවිතයෙන් සමුගැනීමටත් සිදුව ඇති බව සෞඛ්‍ය අංශ්‍ය පෙන්වාදේ.

 

Exit mobile version