මේ පාපකර්මයට දායක නොවූ බවට හිත හදාගන්න උගතුන් තනතුරුවලින් ඉවත් වෙනවා… ඇල්ලේ ගුණවංස හිමි

බලය දුන්නේ අවුරුදු 5කට... නැතිව රට වෙන්දේසි කරන්න නෙමෙයි... පුලුවන්නම් විකුණලා බලමු...

Elle-Gunawansa

උගතුන් බුද්ධිමතුන් තනතුරුවලින් ඉල්ලා අස්වෙන්නේ ආණ්ඩුවේ මේ පාපකර්මයට දායක නොවූ බවට හිත හදා ගැනීම සඳහා යැයි  පූජ්‍ය ඇල්ලේ ගුණවංස හිමියෝ කියති. තමන්ගේ ආත්ම ගෞරවය ආරක්ෂා කරගැනීමට ඔවුන්ට වෙනත් විකල්පයක් නොමැති බව උන්වහන්සේ පෙන්වා දෙති.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කරන්නේ ඊයේ (15) කොළඹ ධර්මායතනයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඇල්ලේ ගුණවංස හිමියන්  ප්‍රකාශ කරන්නේ වසර පහකට මේ ආණ්ඩුවට බලය ලබා දුන්නේ රට වෙන්දේසි කිරීමට නොවන බවය.


උන්වහන්සේ වැඩිදුරටත් මෙසේත් කියති.

“වරායෙ අක්කර 13ක් දෙන්න යනවා. සෙලෙන්දිවා යටතේ ගෆුර් බිල්ඩින් එක, හිල්ටන් හෝටලය, පොලිස් මූලස්ථානය ඇතුළු ගොඩනැගිලි විසි ගණනක් දෙන්න යනවා. විදේශ කටයුතු අමාත්‍යාංශ තියන ගොඩනැගිල්ල, වෝටර්ස් එජ් එක ඇතුළු අක්කර 200ක් දෙන්න හදනවා. මගේ පන්සල පසුපස ඉඩම, TISIR   එක,  බොරැල්ල මාර්කට් එක, කොල්ලුපිටිය මාර්කට් එක දෙන්න හදනවා.‘

“දෙන්න හැදුවට මේවා දෙන්න ලැබෙයිද කියලා රජය කල්පනා කරනවා නම් හොඳයි. අපි මේ රට බාර දීලා තියෙන්නෙ අවුරුදු පහකට පාලනය කරන්න. නැතිව  මේ රට වෙන්දේසි කිරීම සඳහා නොවෙයි. අපට අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න එපා. අපි බොහොම වේදනාවෙන් ඉන්න කාලයක් මේක.“

“මේ රටේ බුද්ධිමත් මිනිස්සු තනතුරුවලින් ඉවත් වෙන්නෙ ඒ මිනිස්සුන්ගෙ ආත්ම ගෞරවය ආරක්ෂා කරගන්න.  ඒ මිනිස්සු මේ පාපකර්මයට අත තිබ්බෙ නෑ කියලා හිත හදාගන්න. උගතුන් බුද්ධිමතුන් පහුවෙන්න පහුවෙන්න තවත් ඉවත්වේවි.“

“ඉවත් වෙලා නිකම් ඉන්න හොඳ නෑ. අපි එක්ක එකතු වෙන්න ඕන. මේ රට රැක ගන්න.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගුණවංස හිමියන් මේ බව කීවේ තමන් ඇතුළු ලක්ෂ 69ක් මේ ආණ්ඩුව පත් කිරීමට දායක වූ බවට පශ්චාත්තාප වෙමිනි.

Exit mobile version