මේ නිදහස අවසානයේ ආරම්භය කරගන්න එපා! – විශේෂඥ වෛද්‍යවරු ඉල්ලති

මේ මොහොතේ දේශපාලනික, ආගමික භෝ අනිකුත්‌ මතභේද අමතක කර, වගකීමෙන්‌ කටයුතු කරමින්‌ සියලු දෙනා එකාවන්ව මෙම වසංගතය අවසන්‌ කිරීමට වගකීමෙන්‌ එක්වන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සියලුම ජනතාවට දැනුම් දෙයි.

අන්තර් පළාත් සංචරණය සීමා කිරීම තවදුරටත් පවත්වාගෙන යා යුතු බව තම දැඩි නිර්දේශය බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කර සිටී.

කොවිඩ්‌ -19 සීමා ලිහිල්‌ කිරීම සහ නැවත භයානක පොකුරු ඇතිවීමේ අවදානම පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පහත කරුණු සඳහන්‌ කර ඇත.


“කොවිඩ්‌-19 වෛරසයට එරෙහිව දිගුකාලීන සටනකින්‌ පසු තරමක්‌ දුරට හෝ නිදහසේ ගමන්‌ කිරීමට හා සමාජශීලීවීමට ඇති හැකියාව වැඩිවෙමින්‌ පවතින බව අපට යන්තමින්‌ හැඟෙන්නට පටන්‌ අරගෙන තිබේ. මේ සම්බන්ධයෙන්‌ අතිගරු ජනාධිපතිතුමා ඇතුළු කෝවිඩ්‌ මර්දනයේ නියුතුව සිටි සියලුම වෘත්තිකයන්‌ හා සමාජ සංවිධානවලට අපගේ ස්තූතිය පුද කිරීමට මෙය අවස්ථාවක්‌ කර ගනිමු.

කෙසේ වුවද, පොදු සමාජයේ යම්‌ කොටස්‌වල ඇති අනවබෝධය සහ සමාජ වගකීම්‌ විරහිත හැසිරීම මගින්‌ කොවිඩ් ව්‍යාප්තිය වැඩි වීමේ අවදානමක්‌ ඇතිවීමට ඉඩකඩ තිබෙන බව අපට පෙනීයයි.

මෙවැනි සමාජීය වගකීම්‌ විරහිත හැසිරීම්‌ මගින්‌ කොවිඩ් පාලනය සම්බන්ධයෙන්‌ අප ලබා ඇති ජයග්‍රහණයන්‌ අප අතින්‌ ගිලිහීයාම මෙන්ම මෙමගින්‌ සමාජයේ වැඩි කොටසකට මෙවැනි වගකීම්‌ විරහිත ලිහිල්‌ හැසිරීමකට අතවැනීමක්‌ මෙන්ම අනුබලදීමක්ද වනු ඇති බව අපගේ හැගීමයි.

මෙවැනි වගකීම්‌ විරහිත හැසිරීම්‌ මගින්‌ නව කොචිඩ්‌ පොකුරක්‌ සෑදීමේ හැකියාව ඉතා වැඩි බවත්‌, එසේ වුවහොත්‌ එය අප මෙතෙක්‌ ලැබූ ජයග්‍රහණවල අවසානයේ ආරම්භය වීමට ද ඉඩ ඇති බවත්‌ අප තරයේ වටහාගත යුතුයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අප රටේ කොවිඩ් මර්දනයට දැඩි ලෙස දායක වුනු වගකිය යුතු වෘත්තීය සංවිධානයක්‌ ලෙස රජය විසින්‌ පනවා ඇති පළාත්‌ අතර සංචරණ සීමා තවදුරටත්‌ පවත්වාගෙන යෑම අප දැඩි ලෙස අනුමත කරන අතර, සමාජයේ සියලුම පුරවැසියන්‌ හට අප යළිත්‌ අවධාරණය කරන්නේ දේශපාලනික, ආගමික භෝ අනිකුත්‌ මතභේද අමතක කර මේ මොහොතේදී වගකීමෙන්‌ කටයුතු කරමින්‌ අප සියලු දෙනා එකා ලෙස අත්වැල්‌ බැඳගෙන මෙම වසංගතය අවසන්‌ කිරීමට අවශ්‍ය කටයුතු කිරීමට වගකීමෙන්‌ එක්වන ලෙසයි.”

Exit mobile version