“මේ ආණ්ඩුව කවදාවත් සිගරට් අරක්කුවලට බදු ගැහුවේ නෑ”

සජබ මන්ත්‍රී රාජිත සේනාරත්න කියයි

වත්මන් ආණ්ඩුව පත්වීමෙන් පසුව කිසිදිනෙක දුම්වැටි හෝ මත්පැන් සඳහා බදු පැනවූයේ නැතැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි

අද පාර්ලිමේන්තුවේදී පැවති අයවැය විවාදයට එක්වෙමින් ඔහු කියාසිටියේ දැන් රුපියල් 5කින් වැඩි කර ඇති නමුත් කළ යුත්තේ ප්‍රතිශතයකින් බදු වැඩිකිරීම බවයි.

වත්මන් ආණ්ඩුව ජනතාවට බදු ගසා කොම්පැනිකාරයින්ට සහන සලසන බවට ද මන්ත්‍රීවරයා චෝදනා කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“මම ස්තූතිවන්ත වෙනවා සිගරට්වලට. මෙච්චර කල් හැම එකටම බදු ගැහුවා. හැම අත්‍යවශ්‍ය ආහාර බොහෝ ඒවට බදු ගැහුවා’ නමුත් මේ ආණ්ඩුව ආපු දා ඉඳලා කවදාකවත් සිගරට්වලට බදු ගැහුවේ නෑ. අරක්කුවලට බදු ගැහුවේ නෑ. අද මුල් වරට රුපියල් පහකින් වැඩි වෙලා . ඇත්තටම ආණ්ඩුවක් රුපියල්වලින් නෙවෙයි කරන්න ඕන බද්ධ ගහන්න ඕන සියයට ප්‍රතිශතයක් වශයෙන්. මම ඒ කාලෙ බදු ගැහුවෙ ආණ්ඩුවට යෝජනා කරලා සීයට අනූවක් දුම්කොළ නිෂ්පාදනවලට බදු ගැහුවා. එතකොට කොම්පැණිය කිව්වා 1%යි ඒගොල්ලන්ගෙ ලාභය කියලා. අපි පෙන්නලා දුන්නා නැහැ කියලා. දැන් මේකෙන් වෙන්නේ මොකද මේකේ ලාභය ආණ්ඩුවට 7%ක් ලාභ වෙනකොට ඒ සමාගමට 10% ක ලාභයක් ඇතිවෙනවා. මෙන්න මෙහෙමයි බදු ගහලා තියෙන්නෙ. ඒ විතරක් නෙවෙයි. මම ඒ කාලෙ පැණිබීමවලට, දියවැඩියාව අහෝසි කරන්න පැණි බීමවලට බදු ගැහුවා ගිය ආණ්ඩුවෙන්. ඒක හැම සමාගම්වල බිමවලට හැම ග්‍රෑම් එකටම ශත 50 ගානේ ගැහුවා. මේ ආණ්ඩුව මොකද කළේ ඒක ශත 30කට අඩු කරා. මොකද මිනිස්සුන්ට දියවැඩියාව හදන්න. හදන සමාගම්වලට වාසි සලසන්නයි. ඒ විතරක් නෙවෙයි ඒගොල්ලන්ට දුන්නා පළවෙනි ග්‍රෑම් 6 ට හයට සත පහක්වත් ගෙවන්න නෑ. මේ සහන කාටද දෙන්නේ? මේ සහන ජනතාවට ද ? කොම්පැනි කාරයින්ට අපි බදු ගැහුවෙ.” යැයි ද රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා කීය.

Exit mobile version