මෙහෙම රටක්… බොරැල්ලේ වකුගඩු ජාවාරම්කාර රෝහල වෘෂණ කෝෂයක් එක්කෝටි හැට ලක්ෂයකට ගලවා ගන්න හදලා.

නීති විරොධී  වකුගඩු ජාවාරම සම්බන්ධව චෝදනා එල්ල වී ඇති   බොරැල්ල කොටාපාරේ පිිහිට වෙස්ටන් පුද්ගලික පෞද්ගලික රෝහල තුළ සිදුවන එක්කෝටි හැට ලක්ෂයක මුදලකට වෘෂණ කෝෂ විකිණීමේ ජාවාරමක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

පොලිසිය මෙම හෙළිදරව් කිරීම සිදුවී ඇතතේ  මහා පරිමාණ වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරමින් සිටියදීය.

බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි තරුණයෙකුගෙන් එක් වෘෂණ කෝෂයක් රුපියල් එක්කෝටි හැට අට ලක්ෂයකට මිලදී ගැනීම සඳහා සියල්ල සූදානම් කර තිබියදී වකුගඩු දායකයන් සඳහා මුදල් නොගෙවීම හේතුවෙන් එම තැනැත්තා සිය වෘෂණ කෝෂය ලබා දීම ප්‍රතික්ෂේප කර ඇතැයි පොලීසිය පවසයි.

බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු, වෘෂණ කෝෂ ලබා දීමට සූදානම් වූ පුද්ගලයාව රෝහලට සම්බන්ධ කර ඇති බවත් සැත්කම සඳහා දින නියම කර තිබියදී මුදල් ලබා නොදීම පිළිබඳ ඇති වූ සැකය හේතුවෙන් ඊට අකැමැති වී ඇති බවත් පොලීසිය සඳහන් කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම වකුගඩු සහ වෘෂණ කෝෂ ජාවාරම ජාලගතව සිදුවන එකක් වන අතර, මෙරට සිටින ජාවාරම්කරුවන් මෙන්ම විදේශීය ජාවාරම්කරුවන් කිහිප දෙනෙකු ද ඊට සම්බන්ධ වී ඇති බවට කරුණු හෙළි වී ඇතැයි පොලීසිය පවසයි.

 

Exit mobile version