“මෙවර පොහොට්ටුවෙන් ‘බූරුවන් සහ අශ්වයන්’ දෙගොල්ලම ඉදිරිපත් කරලා තියෙනවා”

බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂිකා ඕෂධී හේවාමද්දුම කියයි

ඉදිරි මහ මැතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සෑම දිස්ත්‍රික්කයකටම ‘බූරුවන් සහ අශ්වයන්’ යන දෙපාර්ශ්වයම ඉදිරිපත් කර ඇති බව එම පක්ෂයේ බන්දුල දිස්ත්‍රික් අපේක්ෂිකා ඕෂධී හේවාමද්දුම මහත්මිය පවසයි.

ඇය පෙන්වා දෙන්නේ ජනතාව අශ්වයන් තෝරා පාර්ලිමේන්තුවට යැවීමට දැනගත යුතු බවයි.

මනාප එකක් පමණක් සලකුණු කරන්නැයි කියන අපේක්ෂකයන්ට ඡන්දය හෝ නොදෙන ලෙස ඇය ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටී.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙලට සහාය දෙන අය පාර්ලිමේන්තුවට යවන ලෙසත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තුනෙන් දෙකක බලය ලබාදෙන ලෙසත් ඇය ජන හමුවක් අමතමින් ඉල්ලා සිටියාය.

Exit mobile version