“මෙවර නත්තල් සමරන්න වැය කරන මුදලින් ආදායම් අහිමිවූවන්ට උපකාර කරන්න”

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ කියති

මෙවර නත්තල් උත්සවය සැමරීමේදී වෙනදාට කෙරෙන අධි වියදම් අඩු කර ඒ මුදලින්, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ආදායම් අහිමිවූවන්ට උපකාර කරන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් කිතුණු බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

බෞද්ධ, හින්දු, ඉස්ලාම් ජනතාව නිවෙස්වල සිට ඉතා චාම් ලෙස සිය ආගමික උත්සව නිවසේ සිට සැමරූ අයුරින්ම නත්තල් උත්සවය ද ආගමික පිළිවෙත්වලට පමණක් මුල්තැන දී සමරන ලෙස උන්වහන්සේ ඉල්ලා සිටී.

අද (17) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් උන්වහන්සේ කියා සිටියේ කොවිඩ් -19 වසංගත තත්ත්වයේ අවධානම හේතුවෙන් මෙවර නත්තල නිවසේ සාමාජිකයින් සමග සැමරීමට පියවර ගතයුතු බවය.


“මේ ළඟ එන නත්තල සම්බන්ධයෙනුත් අපි අනෙක් ජනතාව වගේ කැපවීමෙන් කටයුතු කළ යුතුයි. විශේෂයෙන් බස්නාහිර පළාතේ කොවිඩ් තත්ත්වය ඉතා නරක අතර හැරිලා තියෙන නිසා සෙසු පළාත්වලට ද පැතිරයෑමේ තර්ජනය පැහැදිළිවම පෙනෙන්නට තියෙනවා. ඒ නිසා වෙනදා මෙන් නත්තල සැමරීමට විවිධ දේ කිරීමට අපිට ඉඩකඩ නෑ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අවුරුද්දේ අපි ආගමික පිළිවෙත්වලට විතරයි මුල්තැන දෙන්නේ. ඒ් අනුව මම ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා කොළඹට ඇතුළුවෙන එක, කොළඹ සිට වෙන පළාත්වලට යන එක හැකිතාක් දුරට සීමාකරන්න. නෑදෑයන් බලන්න යන එක මේ අවුරුද්දේ නොකර ඉන්න උත්සහ කරන්න. විනෝද ගමන්, පිරිස් ඒකතු වී සාද පැවැත්වීම කරන්න ඒපා. පවුලක් ලෙස ගෙදර අයත් සමග අර්ථවත් නත්තල් මංගල්‍යයක් ගත කරන්න,” යනුවෙන් ද අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ සඳහන් කළහ.

Exit mobile version