මෙරට කොවිඩ් රෝගීන් ධනාත්මක වීමේ අනුපාතය සියයට 15කින් ඉහළට -WHO

ශ්‍රී ලංකාවේ කොවිඩ් පරීක්ෂණ ධනාත්මකතා අනුපාතය (TPR) සියයට 15.8 ක් ලෙස පසුගිය සතියට සාපේක්ෂව මේ වනවිට පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් අගෝස්තු 20 දා ප්‍රකාශයට පත් කළ සතිපතා වාර්තාව සඳහන් කර තිබේ.

අඛණ්ඩව පස්වැනි සතියටත් මෙරට කොවිඩ් රෝගීන් ඉහළ යාම තවදුරටත් සංඛ්‍යා අගයන් වාර්තා කර ඇතැයි ද එම සංවිධානය පෙන්වා දෙයි.

පසුගිය සතියට වඩා මේ සත‍ියේ කොවිඩ් රෝගීන්ගේ ඉහළ යාම මධ්‍යම පළාත හැර සෙසු සියලුම පළාත්වල දක්නට ඇතැයි ද එම වාර්තාවේ දැක්වේ.


32 වැනි සතියටත් වැඩිම කොවිඩ් ආසාදිතයන් වාර්තා කර ඇත්තේ බස්නාහිර පළාතෙනි. එම ප්‍රතිශහතය 57%කි.

පසුගිය සතියේ මෙරට තුළ වාර්තා වූ කොවිඩ් රෝගීන්ගෙන් 45%ක්ම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ අයයි.

දකුණු සහ වයඹ පළාත්වල පසුගිය සතිය හා සසඳන විට නව රෝගීන්ගෙන් සියයට 50 කට වඩා වාර්තා වී ඇත. දකුණු පළාතේ කොවිඩ් ආසාදිතයන් වාර්තා වීමේ ප්‍රතිශතය 13%ක් වී ඇත.

එන්නත්කරණය අතින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ තුන්වන ස්ථානයේ සිටී. එම වාර්තාවට අනුව මෙරට 22.3 %ක ජනතාවක් මුළුමනින්ම එන්නත ලබාගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින මාලදිවයින එරට ජනගහනයෙන් 62.8% කට සහ භූතානය එරට 54.3% කට එන්නත් ලබා දී ඇත. .

Exit mobile version