මුහුද බිහිසුණුයි… ධීවර කටයුතුවලින් ඈත්වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි!

තුෂාරී කළුබෝවිල –

නිරිතදිග මෝසම සක්‍රීය වීමෙන් බේරුවල සිට ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 60-70 දක්වා වැඩි විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

පුත්තලම සිට කොළඹ හරහා බේරුවල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩි විය හැකි බව ද ඔවුහූ පවසති.

එසේ ම පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට
ඔබ්බෙන් වන මුහුදු ප්‍රහේශවල ද සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැකි බව
ඔවුහූ කීහ.

මේ අනුව පුත්තලම සිට ගාල්ල, හබන්තොට හරහා  පොතුවිල් දක්වා වන මුහුදු
ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 – 3.5 ක් පමණ ඉහළ යාමේ හැකියාවක් ද පවතින බැවින් එකී මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු ධීවර සහ නාවික කටයුතුවල යෙදීම අවධානම් බව ද ඔවුහූ පැවසූහ.


මේ අතර අධික වැසි හේතුවෙන් කැලණි ගඟ කිතුල්ගලින් ද නිල්වලා ගඟ පනාඩුගඟින් මහවැලි ගඟ නාවලපිටියෙන් ද පිටාර මට්ටමට පැමිණ ඇතැයි වාරිමාර්ග දෙපාතමේන්තුව පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර ගාල්ලේ නාගොඩ, හම්බන්තොට වලස්මුල්ල, මහනුවර පස්බාගෙ කෝරළේ, කැගල්ලේ අරනායක, යටියන්තොට, දෙහිඕවිට, මාතර මුලටියන, අතුරලිය, නුවරඑළියේ අඹගමුව, රත්නපුරේ ඇළපාත, කලවාන, ඉ‍ඹුල්පේ, කහවත්ත, කුරුවිට, නිවිතිගල ප්‍රදේශවල ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

Exit mobile version