මුහුද ඉදිරි දින කීපය තුළත් රළුයි….

නිරිතදිග මෝසම් තත්ත්වයේ සක්‍රීය වීම හේතුවෙන් ඉදිරි දින කිහිපදේදී ද බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් උතුරු අක්ෂාංශ 02ත් 10 ත් (02N-10N) නැගෙනහිර දේශාංශ 70ත් 95ත් මායිම් වන
මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී. 40-50 අතර පවතින නමුත් විටින් විට පැ.කි.මී. 60-70 දක්වා වැඩි
විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වන බව ද අවධාරණය කෙරේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදීම අවධානම් බව ද පැවසේ.

Exit mobile version