මුහුදු මහාවිහාරයේ අක්කර 72 ගැන අගමැතිගේ කතාවට විහාරාධිපති හිමියෝ විරෝධය පාති

වීරකැටිය ප්‍රදේශයේ පැවැති උත්සවයකදී අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පොතුවිල් මුහුදු මහාවිහාරයේ ස්වාමීන් වහන්සේලා එම විහාරයට අයත් යයි කියන කොහේවත් නැති අක්කර 70ක් ඉල්ලාසිටින බව ප්‍රකාශකිරීම මුහුදු මහාවිහාරාධිපති නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක වරකාපොළ ඉන්ද්‍රසිරි නාහිමියෝ දැඩි සේ හෙළාදකිති.

මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපානන ජීවිතය සරුසාර කිරීම සඳහා කැපවුණු භික්ෂුවක ලෙස, අග්‍රමාත්‍යවරයා මුහුදු මහා විහාරයට අයත් ඉඩක් අක්කර 72ක පිළිබඳව කළ කතාව පිළිබඳව තමන් කණගාටුවට පත් වූ බවත් තමන් වහන්සේලා ඉල්ලා සිටින්නේ කොහේවත් නැති අක්කර 72ක් නොව 1952 -01-26 වැනිදා මහාචාර්ය සෙනරත් පරණවිතාන මැතිතුමා විසින් මතුපිට පුරාවිද්‍යා නටඹුන් සහිත ප්‍රදේශයක් ලෙස ගැසට් කරන ලද අක්කර 72 රූඩ් 3 පර්චස් 13ක් පිළිබඳව බව එම නාහිමියෝ අවධාරණය කරති.

උන්වහන්සේගේ ප්‍රකාශයේ මෙසේ ද සඳහන් වේ.


“අගමැතිතුමා වීරකැටිය ප්‍රදේශයට ගිහිල්ලා මුහුදු මහා විහාරයේ අක්කර 30ක් ගැන කතා කරනවා. එහිදී එතුමා කියනවා මුහුදු මහා විහාරයේ හාමුදුරුවෝ කොහේදෝ නැති අක්කර 70ක් ඉල්ලනවා කියල එතුමාගේ දේශපාලන ජීවිතය සරුසාර කිරීමට කැපවූ නැගෙනහිර පළාතේ ශික්ෂූන් වහන්සේ නමක වශයෙන් මට මේ කතාව පිළිබඳව ලොකු කලකිරීමක් ඇති වුණා.

ඇත්තටම මම ඉල්ලන්නේ කොහේවත් නැති එකක් නෙවෙයි. මෙම අක්කර 72ක මුහුදු මහා විහාරයට අයිති එකක්. කරුණාවෙන් ඉල්ලන්නේ එම ඉඩම් අපට ලබා දෙන්න කටයුතු කරන්න මේ මැතිවරණෙන් ඉස්සරලා.

මම කියන්නේ නෑ මේ අක්කර 72 තුළ ඉන්න ජනතාව ඉවත් කරන්න කියල. අපි කියන්නේ ඒ අක්කර 72 දෙන්න ඒවායේ මායිම් ගල් යොදල සලකුණු කරල ඉවර වුණාට පසුව මැතිවරණය අවසන් වුණාම අදියරෙන් අදියර මේ ජනතාව ඉවත් කිරීමට කටයුතු කරන්න පුළුවන්. එය රජයට මුදල් තිබෙන විහිදදට කළාට කමක් නෑ. අපට මේ සඳහා ගත වන කාලය අවුරුද්දක් හෝ දෙකක් තුනක් වුණාට කමක් නැහැ. අපට කාලවකවානු වැදගත් නෑ. නමුත් මේ අක්කර 72 පිළිබඳ අයිතිය තහවුරු කර දෙන්න.

මම නැවතත් ඉල්ලා සිටිනවා ගරු ජනාධිපතිතුමාගේ උතුම් සංකල්පයට හමදෙනාම ඉඩ දෙන්න. මම නැගෙනහිර මුස්ලිම් ජනතාවගෙනුත් ඉල්ලා සිටිනවා මේ වැඩපිලිවෙළට සහය දෙන්න කියල. ඔවුන්ගේත් සාක්කු ලාච්චු පිරෙන්නේ මේ දේපළ ආරක්ෂා වුණොත් විතරයි කියල මම සඳහන් කරන්න කැමැතියි.

උන්වහන්සේට අමතරව මෙම විහාරයේ වැඩ වසන ස්වාමීන් වහන්සේ නමක් ද ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍යවරයා මෙම විහාරස්ථානයේ වැඩිදියුණුවට විශාල වැඩකොටසක් කළ පුද්ගලයකු බවයි. එසේ වුවද ඔහු අපකොහේවත් නැති අක්කර 72ක් ඉල්ලනවා යයි කියන කතාව පිලිබඳව කණගාටු වන බවයි.

මෙම අක්කර 72 අක්කර 30ක් බවට පත් වුණේ 1965 වසරේදී මෙම ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගත් පුද්ගලයන්ට වාසි වන අයුරින් ප්‍රකාශයට පත් කරන ලද ගැමට් පත්‍රයක් නිසා බවට උන්වහන්සේ පැවසූහ. එය ග්‍රාම සේවක සහ එවකට සිටි ප්‍රාදේශිය උපදිසාපති වරයා එකතු වී බලහත්කාරයෙන් ඉඩම් අල්ලා ගත් අයට කුමන්ත්‍රණ්කාරී ලෙස ඉඩම් ලබා දීමේ වැඩක්.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේ වුවත් මෙම ඉඩම් අල්ලාගත් පුද්ගලයන්ටත් ජීවත් විමේ අයිතියි තිබෙනවා. බෞද්ධ භික්ෂූන් වහන්සේලා හැටියට අප එය පිළිගන්නවා. ඔවුන් එළවා දමා ගෙවල් ඩෝසර් කර මෙම ඉඩම් අක්කර 72ක් ලබා ගැනීමට අපට අවශ්‍ය නැහැ. නමුත් මේ භූමිය සකල ශ්‍රි ලංකාවාසීන්ගේම උරුමයක් බව උන්වහන්සේ ප්‍රකාශ කළහ.

Exit mobile version