මුහුණු වසාගත් පිරිසක් සුමන්තිරන්ගේ හා ශ්‍රීධරන්ගේ පඹයන් පුච්චයි

දිනසේන රතුගමගේ:

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙකු වන එම්.ඒ.සුමන්තිරන්ගේ හා එස්.ශ්‍රීධරන්ගේ රුවට සමාන පඹයන් දෙදෙනෙකුට 2 දා සවස යාපනය වඩමරච්චි කෝවිල් පාරේදී තරුණයින් පිරිසක් විසින් ගිණි තබන ලදී.

මෙම අනුරුවවල් වලට ගිණි තැබීමට පෙර ඔවුන්ව වධ බන්ධනයට ලක් කරණ අයුරු ප්‍රදර්ශනය කරමින් එම තරුණ පිරිස සෙරෙප්පු වලින් එම අනුරුවවලට පහර දෙන ආකාරයක්ද දක්නට ලැබුණි.


ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමී පක්ෂයේ තරුණ පිරිසක් මේ ක්‍රියාව සිදු කල බව මේ සම්බන්ධයෙන් තොරතුරු විමසූ අවස්ථාවේදී ශ්‍රීධරන් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළත් අනුරුව වලට පහර දීම ඒවා ඇදගෙන යාම ගස් වල එල්ල්ලිම හා ගිනි තැබීම යන ක්‍රියා වලට සහභාගී වූ පිරිස හදුනා ගැනීමට නොහැකි අන්දමට මුහුණු ආවරණය කරගෙන සිටියහ.

දෙදෙනෙකු අනුරුව වලට පහර දෙන අතර තුර ඉතිරි තරුණයෝ කෑ කෝ ගසමින් කියා සිටියේ එක් එක් අයගෙන් හා රජයෙන් මුදල් ලබා ගෙන සුමන්තිරන් හා ශ්‍රීධරන් දෙමළ ජනතාව පාවා දී ඇති බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ නිසා දෙමළ ද්‍රෝහීන්ට මෙවර ඡන්දය ලබා නොදෙන ලෙසද අනුරුව වලට පහර දුන් හා කෑ කෝ ගැසූ තරුණයෝ කියා සිටියහ.

Exit mobile version