මුස්ලිම් ජනතාව කොවිඩ් එන්නතට ඌරු තෙල් එපා කියති

ඌරන්ගෙන් ලබාගන්නා ජෙලටින් කොවිඩ්-19 මඬින එන්නත් ස්ථායිකරණය සඳහා භාවිත කිරීම හේතුවෙන් එම එන්නත ලොව පුරා මුස්ලිම් ප්‍රජාවට ලබාදීමේදී ඉස්ලාම් ආගමික ආකල්ප හමුවේ අරඅර්බුදකාරී තත්ත්වයක් මතුවී තිබේ.

කොවිඩ් එන්නත් මාත්‍රාවන් මිලියන ගණනක් ඉන්දුනීසියානු පුරවැසියන් වෙත ලබාදීම සහතික කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර ගනුදෙනුව කතා කරමින් සිටියදී ඉන්දුනීසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ මුස්ලිම් පූජකයන් ඔක්තෝම්බර් මාසයේදී චීනයේ ගුවන් යානයකින් බැසගොස් ඇත්තේ ද මෙම ගැටලුව මතුවීම නිසයි. ඒ COVID-19 එන්නත ඉස්ලාමීය නීතිය යටතේ භාවිතා කිරීමට අවසර තිබේද යන්න එහිදී මතභේදාත්මක වීම හේතුවෙනි.

විවිධ සමාගම් COVID-19 එන්නත නිපදවීමට පෙළඹී සිටින අතර එක් එක් රටවල් මාත්‍රාව ලබා ගැනීම සඳහා පොරබදමින් සිටි. සමහර ආගමික කණ්ඩායම් විසින් තහනම් කරන ලද ඌරු මස් නිෂ්පාදන භාවිතය පිළිබඳ ප්‍රශ්න, වසංගතය වළක්වාලීමට කරනු ලබන ප්‍රතිශක්තිකරණ ව්‍යාපාර කඩාකප්පල් කිරීමේ හැකියාව පිළිබඳව කනස්සල්ලට පත්ව ඇත.


ඌරන්ගෙන් ලබාගත් ජෙලටින් එන්නත් ගබඩා කිරීම සහ ප්‍රවාහනය කිරීමේදී එන්නත් ආරක්ෂිතව හා ඵලදායී ලෙස පවත්වා ගැනීම සහතික කිරීම සඳහා ස්ථායීකාරකයක් ලෙස බහුලව භාවිතා කරයි. සමහර සමාගම් ඌරු මස් රහිත එන්නත් නිපදවීම සඳහා වසර ගණනාවක් තිස්සේ උත්සහ කර ඇත.

ස්විට්සර්ලන්ත ඖෂධ සමාගමක් වන නොවාර්ටිස් විසින් ඌරන්ගේ සිරුරේ කොටස් රහිත මෙනින්ජයිටිස් එන්නතක් නිපදවා ඇති අතර සෞදි සහ මැලේසියාව පදනම් කරගත් ඒ.ජේ ෆාමා දැනට තමන්ගේම එන්නත් සඳහා කටයුතු කරමින් සිටී.

දැනට කොවිඩ් එන්නත් නිපදවා ඇති ෆයිසර්, මෝඩර්නා සහ ඇස්ට්‍රාසෙනෙකා හි ප්‍රකාශකයෝ පවසා ඇත්තේ ඌරන්ගේ නිෂ්පාදන ඔවුන්ගේ COVID-19 එන්නත් වල කොටසක් නොවන බවයි. එහෙත් වෙනත් සමාගම් සමඟ ඩොලර් මිලියන ගණනක් වටිනා සීමිත සැපයුමක් සහ පෙර පැවති ගනුදෙනු වලින් අදහස් වන්නේ ඉන්දුනීසියාව වැනි විශාල මුස්ලිම් ජනගහනයක් ඇති සමහර රටවලට ජෙලටින් රහිත බවට තවමත් සහතික කර නොමැති එන්නත් ලැබෙනු ඇති බවයි.

ඕතඩොක්ස් යුදෙව්වන් සහ මුස්ලිම්වරුන් ඇතුළු ආගමික ප්‍රජාවන්ට මෙය උභතෝකෝටිකයකි. එහිදී ඌරු මස් නිෂ්පාදන පරිභෝජනය ආගමික වශයෙන් අපවිත්‍ර යැයි සලකන නමුත් එම තහනම වෛද්‍ය විද්‍යාවට අදාළ වන්නේ කෙසේද යන්න මෙහිදි විමසා බැලේ.

“ඔබ ඌරු ජෙලටින් වැනි දෙයක් ගෙන එය දැඩි රසායනික පරිවර්තනයකට භාජනය කළොත් එහිදී ඇතිවන පරිවර්තනය පිළිබඳව ඉස්ලාමීය විද්වතුන් අතර මතභේදයක් පවතී,” බ්‍රිතාන්‍ය ඉස්ලාමීය සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය සල්මන් වකාර් මහතා පැවසීය. “එය තවමත් ඔබ ආගමික වශයෙන් අපිරිසිදු යැයි සලකනවාද?”

එන්නත් භාවිතා නොකළහොත් “විශාල හානියක්” සිදුවන බැවින් ඉස්ලාමීය නීතිය යටතේ අවසර දී ඇති බව සිඩ්නි විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය වෛද්‍ය හරුනර් රෂීඩ් මහතා පැවසීය. .

ඕතඩොක්ස් යුදෙව් ප්‍රජාවේ ආගමික නායකයින්ගේ පුළුල් එකඟතාවයකින් ද එවැනිම තක්සේරුවක් තිබේ.

“යුදෙව් නීතියට අනුව, ඌරු මස් අනුභව කිරීම හෝ ඌරන්ගේ සිරුරු කොටස් භාවිතය තහනම් කිරීම තහනම් කර ඇත්තේ එය ස්වභාවිකවම අනුභව කරන ක්‍රමයක් වන විට පමණි” යනුවෙන් ඊශ්‍රායලයේ රබ්බිවරුන්ගේ සංවිධානයක් වන ට්සොහාර් හි සභාපති රබ්බි ඩේවිඩ් ස්ටාව් පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලෝකයේ විශාලතම මුස්ලිම් ජනගහනය මිලියන 225 ක් වන ඉන්දුනීසියාවට මෙම තත්ත්වය හමුබේ බරපතල සෞඛ්‍ය ප්‍රතිවිපාකවකට මුහුණ දීමට සිදුවනු ඇත.

Exit mobile version