මුලින්ම කොවිඩ් නීති කැඩූ ජීවන් තොණ්ඩමන්ගෙන් අපූරු තීන්දුවක්

නිරෝධායන උපදෙස්වලට පටහැණිව කටයුතු කරමින් දේශපාලන රැස්විම් ගණනාවකට සහභාගි වූ ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපති කදිර් සෙල්වම් මහතාගේ පක්ෂ සමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා ඔහුට එරෙහිව විනය පරික්ෂණයක් පැවැත්වීමට ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම්රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා තීරණය කර තිබේ.

තම පියා වන හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අභාවය සිදු වූ අවස්ථාවේදී කොවිඩ්-19 සම්බන්ධ නිරෝධායන නීති මුළුමනින්ම උල්ලංඝනය කිරීමට දායක වූ පුද්ගලයකු ලෙස සමාජයේ විවේචනයට ලක් වූ මහලේකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා විසින් එම තීරණය ගෙන ඇත්තේ ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාව සෞඛ්‍ය අංශ විසින් පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කර ස්වයං නිරෝධානයට යොමු කර සිටියදි ඒ පිළිබදව පක්ෂයේ මහ ලේකම් ලෙස ජිවන් තොණ්ඩමන් මහතාව දැනුවත් නොකර ප්‍රභුවරුන් සහභාගි වු රැස්විම් තුනකට සහභාගි විම නිසාය.

ජීවන් තොණ්ඩමන් ඇතුලු ප්‍රභුවරුන් කිහිප දෙනෙකු මේ වන විට සෞඛ්‍ය අංශ විසින් ස්වයං නිරෝධනයට යොමුකර සිටිති.


ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම්වරයාට පක්ෂයේ පුර්ණ බලතල ඇති බැවින් කදිර් සෙල්වම් සභාපතිවරයාගේ පක්ෂ සමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා ඒ බව හම්බන්තොට නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධානය වෙමින් සිටින ඒ මහතාට දුරකථනය මගින් දැනුම් දුන් බවත් ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම්වරයාගේ ස්වයං නිරෝධායන කටයුතු අවසන් විමෙන් පසු කදීර් සෙල්වම් මහතා සම්බන්ධයෙන් විනය පරික්ෂණයක් පවත්වා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම්වරයා සහ තමන්ගේ ස්වයං නිරෝධායන කාල සීමාව ජනවාරී 03 දින අවසන් වේ.

Exit mobile version