මුලතිව් හමුදා ගොවිපලෙන් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 3600ක්….

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනය පලාලී යුද හමුදා ගොවිපල කේන්ද්‍ර කරගනිමින් කාබනික පොහොර නිපදවීමේ කටයුතු යාපනය ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී.

මේ යටතේ මෙවර මහ කන්නය තුළ යාපනයේ ගොවීන්ට කාබනික පොහොර මෙට්‍රික් ටොන් 3600 ක ප්‍රමාණයක් ලබා දීමට අපේක්ෂා කරයි.

යාපනයේ ගොවීන්ටද කාබනික පොහොර සකස් කිරීම පිළිබඳව විධිමත් පුහුණුවක් මෙම ගොවිපල ආශ්‍රිතව ලබාදීමට අපේක්ෂා කරන අතර ආරම්භක අවස්ථාවට යාපනයේ යුද හමුදා සේනාංක කීපයක හමුදා නිලධාරීහු සහභාගී වූහ.

Exit mobile version