මුලතිව් වැව්වල මියගිය මසුන් එකතු කරමින් සිටි 83ක් ජනතාව පොලිසියට භාර දීලා

දිනසේන රතුගමගේ –

ජලය සිදී ගිය මුලතිව් මල්ලාවී වැව ඇතුලු වැව්වල මිය ගිය මසුන් අල්ලමින් සිටි පුද්ගලයන් 38 දෙනෙකු පළාතේ ජනතව විසින් අල්ලා ඔට්ටිසුඩාන් පොලිසියට 6 දා භාර දී තිබේ.

ජනතාව ප්‍රකාශ කළේ ගම්මානවල තරුණයන් මෙසේ මියගිය මසුන් අල්ලා එකතු කරන පුද්ගලයන් අල්ලා ගැනීමට ගිය අවස්ථාවේදී විශාල පිරිසක් පැන දිව ගිය බවයි.

අධික අව් රශ්මිය නිසා මුලතිව් දිස්ත්‍රික්කයේ වැව්වල ජලය සිදී යාම නිසා මසුන් ලක්ෂ ගණනක් මැරී දිය මත පාවෙමින් සිටින අතර   සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කොට තිබුණේ මෙම මසුන් ආහාරයට ගැනීම හෝ අල්ලා අලෙවි කිරීම සිදු නොකරන ලෙසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනතාව විසින් අල්ලා පොලිසියට භාර දුන් මේ පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ඔට්ටිසුඩාන් පොලිසිය පියවර ගෙන ඇත.


Exit mobile version