මුලතිව් මල්ලාවි ප්‍රදේශයේ අවුරුදු 2000ක ඉතිහාසයක් ඇති අතිශය වටිනා වාරි පද්ධතියක නටබුන් පිරිසක් කළුගල්වලට කඩයි… පිරිසක් ඒ මත කෝවිලක් හදයි..

දිනසේන රතුගමගේ –

මුලතිව් මල්ලාවි පෙරියමඩු වැව ආශ්‍රිතව  පිහිටා තිබූ  වසර දෙදහසකට   කට වඩා ඉපැරණි ඓතිහාසික වාරි පද්ධතියක් කිසියම් පිරිසක් විසින් විනාශ කොට දමා තිබේ.

මුලින්ම මෙම වාරි පද්ධතිය කඩා බිද දමා වළවල් හාරා ඇත්තේ ඉතා පිළිවෙළකට අසුරා තිබූ ගල් තට්ටු වලට යටින් නිධන් වස්තු ඇති බවට සැකකළ නිධන් හොරු පිරිසක් විසින් බව පුරා විද්‍යා නිලධාරීන් සදහන්  කරයි

විනාශ කර දමා තිබුණ පෞරාණික වාර් පද්ධතයේ කොටස්…

පසුව එම ස්ථානයේ කෝවිලක් ඉදි කිරීම සඳහා ගල්පේළි ඉවත් කොට කෝවිලක් ඉදි කිරීමට මූලික පදනමක් යොදා ඇති ආකාරය  එහි ගිය පුරා විද්‍යා  නිලධාරීන්ට දැක ගැනිමට හැකි වී තිබේ

මේ අතර තවත් කිසියම් පිරිසක් විසින් ඔවුන්ගේ කලුගල් අවශ්‍යතාවයන්  සදහාද වාරි පද්ධතියේ අසුරා තිබූ කලුගල් රැගෙන ගොස් තිබේ


මහා යුද සමයේද මේ ස්ථානය කිසිදු විනාශයකට ලක්ව නොතිබූ බවත් මේ ස්ථානයට පෙරියමඩු ප්රදේශයේ වැසියන් ඉතා ආදරය කළ බවත් එම ගම්මානයේ වැසියෝ පුරා විද්‍යා  නිලධාරීන්ට ප්‍රකාශ කොට ඇත.

ම්ම ගල්පේලි ඇතිරූ ස්ථානය කෙලවරේ හින්දු කෝවිලක් ඇති බවත් ඊට වන්දනාමාන කිරීමට ගම්මානයේ හින්දු බැතිමතුන් පුරුදුව සිටියේ මීට වසර 100 කටත් වඩා ඈත කාලයක සිට බවද ඔවුන් වඩි දුරටත් පවසා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පුරා විද්යා නිලධාරීන් පිරිසක් එම ස්ථානය  නිරීක්ෂණය කිරීමට ගිය අවස්ථාවේදී මෙම මහා විනාශය දැක ඇති අතර ඔවුන් සදහන් කරන්නේ මේ ක්‍රියාවට විශාල පිරිසක් හවුල් බවට සාධක ඇති බවයි.

Exit mobile version