මුලතිව් කුඹුරක දින දෙකක් පණ අදිමින් සිටි ඇතින්නක් මිය යයි…

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මුලතිව් ඔතියමලේ පෙරියකුලම ගම්මානයේ කුඹුරක දින දෙකක් තිස්සේ පණ අදිමින් සිටි ඇතින්නක් අද (18) උදෑසන මිය ගොස් තිබේ.

ගම්වාසීන් මේ ඇතින්න පිළිබඳව වනජීවී නිලධාරීන්ව දැනුවත් කිරීමෙන් පසුව ඔවුන් පැමිණ ඇතින්න නිරීක්ෂණය කොට තිබුණද ඇතින්නගේ සිරුරේ වෙඩි වැදුණු තුවාල හෝ වෙනත් තුවාල තිබී නොමැත.

එක් පැත්තකට වැටී සිටි ඇතින්න පණ අදිමින් සිටියදී ගම්වාසීන් එතැනට පැමිණ ඇතින්නගේ සිරුර ජලයෙන් නහවමින් ආහාර හා පාන වර්ග දෙමින් සිටියත් ඇතින්න දින දෙක පුරාවටම පන් අදිමින් සිට මියගොස් තිබේ.

Exit mobile version