මුලතිව් අපේක්ෂකයෙක් හොර ඡන්ද පත්‍රිකා බෙදලා

දිනසේන රතුගමගේ:

මුලතිව් පුදුකුඩීඉරිප්පු නගරය තුළ නිල ඡන්ද පත්‍රිකාවට සමාන අන්දමේ ඡන්ද පත්‍රිකා තොගයක් බෙදමින් සිටි අපේක්ෂකයෙකු ඇතුලුව හතර දෙනෙකු පොලීසිය විසින් 3 දා අත් අඩංගුවට ගෙන තිබේ.

පොලීසියට ලැබුණු තොරතුරක් මත ඔවුන්ව අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අත් අඩංගුවට ගෙන පරීක්ෂ කළ අවස්ථාවේදී වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයට අදාල නිල ඡන්ද පත්‍රිකාවට සමාන ඡන්ද පත්‍රිකා දහසක් පමණ ඔවුන් ළග තිබී පොලීසිය සොයාගෙන තිබේ.


වවුනියාවේ සිට මුලති ප්‍රදේශයට ගොස් ඔවුන් එම පත්‍රිකා ජනතාව අතර බෙදා දෙමින් ඔවුන්ට ඡන්දය ලබා දෙන ලෙස ඉල්ලීම් කොට තිබේ.

පුදුකුඩිඉරිප්පු පොලීසිය විසින් අත් අඩංගුවට ගත් මෙම හතර දෙනා ඊ.පී.ඩී.පී.සංවිධානයේ හතර දෙනෙකු වන අතර ඔවුන්ගෙන් එක් අයෙකු වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය සදහා මෙවර නාම යෝජනා ලබා දුන් අයෙකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මුලතිව් පුදුකුඩීඉරිප්පු පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version