මුරුත්තෙට්ටුවෙ හාමුදුරුවොත් රුක්ෂාන් බෙල්ලනත් අසූචි නා ගත්තු ඌරෝ… GMOA උප ලේකම් නවීන් සොයිසා 

කොහොමත් හිස මුඩු කරගෙන ඉන්න බෙල්ලන කියන හාදයා දොස්තර කෙනෙක් නෙමෙයි...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ගැන පමණක් නොව  මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන් විවිධ දේශපාලනයන් ගැන විවිධ විග්‍රයන් කරලා තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා   සඳහන් කරයි.  

මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්  ප්‍රකාශ කරන්නේ  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ  සාමාජිකයන් බේරා ගත්තේ උන් වහන්සේ බවත් උන්වහන්සේ ලඟ ෆයිල්, වීඩියෝ තියෙන බවත් යැයි වෛද්‍ය සොයිසා මහතා පෙන්වාදේ.  

තියෙන  ෆයිල්වලට හෝ වීඩියෝ වලට බියේ සංගම් කරන්න තමන් ඇතුළු කණ්ඩායම ලෑස්ති නොමැති බවත් එසේම  බෙල්ලන නැමැති හාදයා හිස මුඩුකර සිටින කෙනෙකු බවත් ඔහු වෛද්‍යවරයෙකු ලෙස   ප්‍රකාශ  කළ නොහැකි අතර ප්‍රකාශ කළ හැක්කේ‌ෙ හාදයා යනුවෙන් යැයි  ද හෙතෙම පැවසීය.  


සංගමයේ සභාපතිවරයාව ඉවත් කර දෙන මෙන් තමා මුරුත්තෙට්ටුවේ  හාමුදුරුවන්ගෙන් ඉල්ලීමට තරම් මානසික   රෝගයක් තමාට සෑදී නොමැති බවත් හෙතෙම පැවසීය. මේ කථා සම්බන්ධයෙන් තමාට ප්‍රකාශ කිරීමට ඇත්තේ මෙවන් කථාවක් යැයි කී ඔහු මෙසේ පැවසීය.

 “අසූචි වලක බැහැල හිටපු  ඌරෙක් එතැනින් සිංහයෙන් යනකොට කථා කළාලු ගහගන්න එන්න කියලා. සිංහයාට මොලේ තියෙන නිසා  සිංහයා කල්පනා කළාලු මූ අසූචි නාල ඉන්නේ. අසූචි නාන එක ඌර ට  අලුත් දෙයක් නෙවෙයි.   මේ දර්ශනය සිංහයාට අප්‍රිය ජනක  නිසා. සිංහයා කිව්වලු නාලා ආවොත් ගහගන්න පුලුවන් කියලා. ඌරා කියනවා පරාදයි දැන් කියලා. “

“ඒ නිසා මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවොත්   බෙල්ලන ඉදිරිපත් කරන  අදහස් සම්බන්ධයෙන් මට කියන්න  තියෙන්නේ අසූචි ගා ගත්තු ඌරන් සමග සටනක් නැති බවයි.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 “අපේ හාමුදුරුවන්ට මට කියන්න තියෙන්නේ බමුණෙක් බුදුහාමුදුරුවන්ට  බනිනකොට බනිනකොට බුදුහාමුදුරුවෝ බමුණාගෙන් ඇහුවා  දැන් බමුණා ඔබගේ නිවසට පැමිණි මට ලබා දෙන දානය මම ප්‍රතික්ෂේප කළොත් ඒ දානේ අයිතිවෙන්නේ කාටද කියලා. බමුණා කිව්වා එය අයිති වෙන්නේ මට කියලා. මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ටත් මට කියන්න තියෙන්නෙ ඔය දේ ම තමයි.” යන්න වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සදහන් කළේය.

Exit mobile version