මුදා හැරිය මරණ දෙකේ මරණයට හේතුව කොවිඩ් නිව්මෝනියාව යැයි සඳහන් වූයේ වැරදීමකින් ලු….

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහනුවර ජාතික රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ දී මිය ගිය මුස්ලිම් ජාතික පුද්ගලයින් දෙදෙනෙකුගේ මෘත දේහ ඔවුන්ගේ පවුලේ ඥාතීන්ට භාර දී තිබුණේ ඔවුන් මියගියේ කොවිඩ් සුව වීමෙන් පසු ඇතිවූ පශ්චාත් කොවිඩ් සංකූලතා හේතුවෙන් බවත් ඔවුන් දෙදෙනාගේ මරණයට හේතුව කොවිඩ් නිවුමෝනියාව යැයි සඳහන් වී තිබුණේ වැරදීමකින් බවත් එම වාට්ටුව භාරව සිටින ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුෂ්‍යන්ත මැදගෙදර පවසයි.

ප්‍රශ්නය මතු වී තිබුණේ මහනුවර කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ දී කොවිඩ් නිවුමෝනියා තත්වයෙන් මිය ගිය වයස අවුරුදු 68ක්වන මුරුතලාවේ පදිංචි අයෙකු හා හා වයස අවුරුදු 65ක් වූ අකුරණ පදිංචි අයෙකුගේ දේහයන් මුදාහැරීම පිළිබඳවය.

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වන විශේෂඥ වෛද්‍ය දුෂ්‍යන්ත මැදගෙදර පවසා සිටියේ මෙම පුද්ගලයින් කොවිඩ් ආසාදිතව රෝහල් ගතව ප්‍රතිකාර ලැබ ඇති බවත් පසුව කොවිඩ් සුවව ඇතිබවට තහවුරු වූ බවත්ය.

නමුත් නැවත පශ්චාත් කොවිඩ් සංකූලතා හෙවත් ස්වසන අපහසුතා වැඩිවීමෙන් මෙම පුද්ගලයින් කොවිඩ් අධිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි ස්වසනය අකර්මන්‍ය වීමෙන් මිය ගිය බවද ඔහු කීවේය.

මෙම මරණ සදහා හේතු දැක්වීමේදි වෛද්‍යවරුන් විසින් කොවිඩ් නියුමෝනියා තත්ත්වය මත මිය ගොස් ඇත යන්න සඳහන් කිරීම වැරදීමකින් සිදුව ඇති බව කී වෛද්‍ය මැදගෙදර එම මරණ පශ්චාත් කොවිඩ් සංකූලතා හේතුවෙන් සිදුවූ මරණ බව අවධාරණය කලේය.
මෙම මුස්ලිම් ජාතික මෘත දේහ ආගමානුකූලව සුවඳ ජලයෙන් නහවා නිවෙස් ආශ්‍රිතව ඇති මුස්ලිම් ආගමික ස්ථානයට අයත් කනත්තක භූමදානය කර තිබේ.

Exit mobile version