මුදල්, ශ්‍රමය, කාලය විනාශ නොකර ඡන්දය ගැන වහාම ස්ථිර තීන්දුවක් ගන්න…

හිටපු අගමැති රජයට කියයි....

මේ ඡන්දය සම්බන්ධව මැතිවරණ කොමසාරිස් සමග සාකච්ඡා කර ආණ්ඩුව වහාම තීරණයකට පැමිණිය යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පැවසීය.

මේ වනවිට මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් දෙදහසක් තුන්දහසක් අතර පිරිසක් මුදල් වැය කරමින් සිය ප්‍රචාරක කටයුතු පවත්වාගෙන යන බවත්, ඒ වැඩ කටයුතු තවදුරටත් කරගෙන යෑමට ඉඩ හැර හදිසියේම ඡන්දය කල් දමන බව ප්‍රකාශ කළොත් එය අපරාධයක්   බවත් හිටපු අගමැතිවරයා  කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් වසංගතය ආරම්භයේ සිට ලෝක සෞඛ්‍යය සංවිධානය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, හෙද සංගම් හා වෙනත් සංගම් සිදුකළ ප්‍රකාශ පදනම් කර ගනිමින් පී.සී,ආර් . පිරීක්ෂණ දිනකට තුන්දහසකට වැඩි සංඛ්‍යාවක් සිදුකළ යුතු බව තමන් ප්‍රකාශ කළ බවත්  ඒ යෝජනා දියත් කළේ නම් ආණ්ඩුවට   සිය ඡන්ද ප්‍රචාරක වැඩ පිළිවෙළ අතරමග නවතා දැමීමට සිදු නොවනු ඇති බවත් හිටපු අගමැතිවරයා කීවේය.


Exit mobile version