මුදල් මුද්‍රණ නොකළොත් රාජ්‍ය සේවකයින්ට වැටුප් නෑ… රනිල් කියයි!

බීබීසී – 

මුදල් මුද්‍රණය නොකළහොත් රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීමට නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. ඔහු මේ බව පවසන්නේ  බීබීසී සිංහල සේවය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවක් පවත්වමිනි.

බීබීසී සිංහල සේවය සමඟ ඊයේ ( 13 ) සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මුදල් මුද්‍රණය තම ප්‍රතිපත්ති නොවූවද මුදල් මුද්‍රණය කිරීමට සිදුව ඇති බවය

“දැනට කරන්න සිදුවෙනවා. නොකෙරුවොත් පඩි ගෙවන්න බැරි වෙනවා රජයේ සේවකයින්ට.”

අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ “උග්‍රම ආර්ථික අර්බුදයට අපි මුහුණ දෙන්නේ. මං හිතන්නේ නැහැ සුද්දන්ගේ කාලෙවත්, ඕලන්ද කාලේවත් මේවගේ ආර්ථිකය කඩා වැටීමක් වුණා කියලා.”


“මේ අවුරුද්ද තමා අපිට අමාරුම අවුරුද්ද, විදේශ විනිමය නැහැ. ආණ්ඩුවට ආදයම් නැහැ. විදේශ විනිමය එක්ක ව්‍යාපාර ක්‍රියාකාරන්නේ නැත්නම් ආදායම් අඩුවෙනවා.” ඔහු පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අග්‍රාමාත්‍යවරයා ⁣ප්‍රකාශ කළේ “දැනට කියන විදිහට ඩොලර් බිලියන 3ක් විතර උවමනයි කියලා. දැනට මේක ලබා ගැනීම තමා අපිට තියෙන පළවෙනි අභියෝගය. ඒක කරන්න තමයි මං දැනට ක්‍රියාකරන්න බලන්නේ. අපි මේ පෝලිම් නැති කරන්න ඕනේ. සාමාන්‍ය ජීවිතයක් ඇති කරන්න ඕනේ.” ඔහු වැඩිදුරත් කීවේය.

එම සම්මුඛ සාකච්ඡාව පහත දැක්වේ…

Exit mobile version