මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෘත්තීයවේදීන් අමතා  සාකච්ඡාවකට ඇරයුම් කරයි…

සාකච්ඡාව හෙට... වැඩේ ගැන වැඩි විශ්වාසයක් නැති බව වෘත්තීය සමිති නියෝජිතයෝ කියති!

ශ්‍රියානි වි‌ජේසිංහ –                               

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව  මුදල් අමාත්‍යංශය ලේකම්වරයා විශේෂ සාකච්ඡාවකට කැඳවා ඇතැයි එම එකමුතුව සඳහන් කරයි.

පසුගියදා ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී මුදල් අමාතයංශයේ ලේකම්වරයා සමඟ සාකච්ඡාවකට අවසර ලබා දුන් බවත් එම සාකච්ඡාව සදහා හෙට (10) තම වෘත්තීයසමිතිවලට ආරාධනා කර ඇති බවත් එකමුතුව නියෝජනය කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ   සඳහන් කරයි.

ලේකම්වරයා සමග පවත්වනු ලබන සාකච්ඡාවේදී තම වෘත්තිකයන්ගේ ගැටලුවලට විසදුම් ලැබෙන්නේ නම් පමණක් හා එම විසඳුම් ලිඛිතව ලැබෙන්නේ නම් පමණක් දැනට ක්‍රියාත්මක කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන් නතර කළ හැකි බවද ‌හෙතෙම පැවසීය.

කෙසේ නමුත් ලේකම්යරයා සමග සාකච්ඡාවට සහභාගි වුවද දැනට ක්‍රියාත්මක කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්  විසඳුමක් ලැබෙන තෙක් ඒ පරිද්දෙන්ම ක්‍රියාත්මක වන බවද වෛද්‍ය විජේසිංහ පැවසුවේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ නමුත් වෘත්තීය සමිති එකමුතුවේ ප්‍රකාශකයෙක්   සඳහන් කළේ ලේකම්වරයා සමඟ  හෙට පැවැත්වීමට නියමිත සාකච්ඡාව පිලිබඳව එතරම් විශ්වාසයක් වෘත්තීය සමිති නියෝජිතයින් තුළ නොමැතිබවයි. 

Exit mobile version