මුඛ පිළිකා රෝගීන් දෙදෙනෙකුට කොවිඩ්… හොමාගම හා මුල්ලේරියා රෝහල් වෙත යොමු කෙරේ

නතාෂා නෙත්මිණි –                                                    

මුඛ පිළිකා වැළඳී ප්‍රතිකාර ගනිමින් සිටි රෝගීන් දෙදෙනෙක් කොවිඩ් වෛරස ආසාදනය වීම හේතුවෙන් මුල්ලේරියාව සහ හෝමාගම රෝහල් වෙත අද(7) ඇතුළත් කළ බව කොළඹ ජාතික දන්ත වෛද්‍යායතනයේ   අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන  සඳහන් කරයි.

මෙම රෝගීන් දෙදෙනාම ජාඇල සහ හැඳල ප්‍රදේශයන්හි පදිංචි කරුවන්වන අතර මුඛපිළිකාවට ගොදුරුව වූවන් බවද අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වයස අවුරුදු 52ක පිරිමි පුද්ගලයෙකු හා වයස අවුරුදු 72ක කාන්තාවක මෙසේ වෛරසය ආසාදනය වී ඇති අතර ඔවුන්ව හෝමාගම සහ මුල්ලේරියාව රෝහල්වෙත යැවීමට කටයුතු කළ බවද හෙතෙම පැවසීය.


 

Exit mobile version