මුං මොන තරුණසේවා අධ්‍යක්ෂවරු ද?… සමාජ මාධ්‍යය ඉරාජ්ව ප්‍රශ්න කරයි…

මේ මනුස්සයා ගෝත්‍රික මානසිකත්වයක් තියන විකෘති ලිංගිකත්වයක් සහිත රෝගියෙක්.... සමාජ මාධ්‍යය කියයි...

තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂවරයෙක් මෙන්ම සමාජ මාධ්‍යය හා එහි හැසිරීම් සම්බන්ධ නීති සම්පාදනයේ දී රජයේ උපදේශකයෙක්  ද වූ ඉරාජ් වීරරත්න වේල්ල වීදියේ  හමු වූ කාන්තා මළ සිරුර  හා බැඳුණු සිද්ධියට සම්බන්ධ තරුණිය පිළිබඳ පල කර ඇති සදාචාරයෙන් තොර අශික්ෂිත  ප්‍රකාශයක් යැයි කියැවෙන ප්‍රකාශනයක් සම්බන්ධව සමාජ මාධ්‍ය ඔස්සේ බරපතල  විවේචනයයක් මතුවෙමින් තිබේ.

ඉරාජ් වීරරත්න පල කල පෝස්ට්එක
ඉරාජ් තම ට්විටර් ගිනුමේ පල කළ ප්‍රකාශනයෙන් කොටසක්..

සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන හිරිහැර කිරීම්(cyber bullying),  වෛරී අදහස් දැක්වීම් , ළමා කාමුක දර්ශන පළ කිරිම නැවැත්වීම ඇතුලු අන්තර්ජාලය ඔස්සේ සිදුවන විවිධ සමාජ විරෝධී ක්‍රියා නැවැත්විමේ අරමුණින්  නව නිතී සම්පාදනය සඳහා   ජාතික තරුණ සේවා සභාවේ සභා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස ඔහු කටයුතු කර තිබිණි.

ඉරාජ් වීරරත්න  විසින් ගර්හාවට ලක් කළ  අවාසනාවන්ත ලෙස ඝාතනය කර තිබුණු යෞවණිය තරුණ සේවා සභාවේ ක්‍රියාකාරී සාමාජිකයෙකි . ඇය යොවුන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක ලෙස කටයුතු කරනු ලැබ ඇත. ඒ වග දැන දැන අපරාධකාරී සමාජ හැසිරීමක සමාජ විද්‍යාත්මක හරය ගැන අංශුවක අවබෝධයකින් තොරව තරුණසේවා සභාවේ අධ්‍යක්ෂවරයෙක් කර ඇති මෙම අශිෂ්ට ගෝත්‍රික ප්‍රකාශයෙන්  ඔහුගේ වියරුව මෙන්ම  තනතුරු සඳහා නුසුදුසු පුද්ගලයන් පත් කිරීම පිළිබඳ මතු වූ විරෝධය ද තහවුරු වී ඇති බව සමාජ මාධ්‍යය පෙන්වා දෙමින් ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ තැනැත්තා  මනෝ විකෘතිකයෙක් බවත් ලිංගික බෙලහීණතාවයකින්  පෙළෙන අශිෂ්ට පුද්ගලයෙක් බවත් ඔහු කලෙක සිට කාන්තාවකට ඇඳගෙන සංක්‍රාන්ති ලිංගිකයන්  හාස්‍යයට හා පිළිකුලට ලක් කිරීමට කටයුතු කිරීම ඒ නොදියුණු අශිෂ්ඨත්වයේම ලකුණක් බවත්   එම සමාජ මාධ්‍යකරුවෝ කරුණු සහිතව පෙන්වා දෙති.

Exit mobile version