මීලග ක්වාඩ් රාජ්‍ය නායක සමුලුව මැයි 24 වනදා

Quad Conference

යුක්රේනයේ නොනවතින කැලඹීම් මධ්‍යයේ, මැයි 24 දා එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩෙන්ගේ ජපානයේ සහ දකුනු කොරියාවේ ද්විපාර්ශ්වික සංචාරය අතරතුරදී මීළඟ ක්වාඩ්(QUAD) රාජ්‍ය නායක සමුළුව ලබන මැයි 24 වැනිදා පැවැත්වෙන බව ධවල මන්දිරය විසින් නිවේදනය කරනු ලැබ ඇත.

එක්සත් ජනපදය විසින් කිසිසේත්ම ඉන්දු පැසිෆික් කලාපය අමතක නොකරන බවද ධවල මන්දිර නිවේදනයේ සඳහන් කර ඇති අතර මැයි 12-13 දිනවල වොෂින්ටනයේ පැවැත්වෙන එක්සත් ජනපද-ආසියාන් සමුලුව හරහා ජනාධිපති බිඩෙන් ඉන්දු-පැසිෆික් කලාපය සමග ඉදිරි වසරකට වැඩි කාලයකදී දැඩි රාජ්‍ය තාන්ත්‍රික භාවයක් ගොඩනඟන බවටද එම නිවේදනය අනාවරණය කර තිබේ.

එමගින් ඉඟිකර ඇත්තේ යුක්රේනය ඇමරිකාවේ එකම න්‍යාය පත්‍රය නොවන බවත් ඉදිරි කාලයේදී චීනය කිසිසේත්ම අමතක නොකරන බවත් යැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.


මීළඟ QUAD සමුළුවේ න්‍යාය පත්‍රය තවමත් සකස්කෙරෙමින් පවතින නමුත්, එක්සත් ජනපද සෙනෙට් සභික බිල් හේගර්ටි සහ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් අතර පසුගියදා පැවැති විශේෂ සාකච්ඡාවකදී යුක්රේන යුද්ධය පිළිබඳව ඉන්දියාව සහ එක්සත් ජනපදය එකම අරමුණක සිට මෙවර සමුළුව මෙහෙයවන බව සදහන් කර තිබිණ.

ද්විපාර්ශ්වික උපායමාර්ගික සන්ධානය ගැඹුරු කිරීම සඳහා ඉන්දියාව සහ එක්සත් ජනපදය එක්ව පියවර ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමුකෙරී ඇති අතර, එමගින් චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉදිරි ගමන සහ ඉන් ලොවට ඇතිකෙරෙන බලපෑම ගැන වැඩි අවධානයක් යොමුකළ යුතු බවට ඉඟිකෙරී ඇති බව ද දැක්වේ.

චීනය විසින් QUAD යනු ගැටුම්කාරී කණ්ඩායමක් ලෙස නිර්වචනය කර ඇතත්, එය ඉන්දු-පැසිෆික් කලාපයේ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරන අතරම එම කණ්ඩායම ගෝලීය යහපත සඳහා ක්‍රියාත්මක බව අගමැති මෝදි මිට පෙර අවධාරණය කර තිබිණ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එය ඉන්දු-පැසිෆික් කලාපයේ සහ ඉන් ඔබ්බෙහි නීතියේ ආධිපත්‍යය සහ නාවික නිදහස පවතින බව සහතික කිරීම සඳහා වන අතර, විශේෂයෙන් චීනය ඈත පැසිෆික් කලාපයේ සොලමන් දූපත් සමඟ ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව සාගර ආරක්ෂාව පිලිබදව වැඩි අවධානයක් යොමුකරමින් පසුවේ.

Exit mobile version