මිල පාලන ගැසට්ටුව අහෝසියි… රජය සහල් මිල පාලනය අත්හරී….

Stocks-of-rice

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින්    රජය විසින් නිකුත් කර තිබු   මිල පාලන  ගැසට් පත්‍රය අවලංගු කිරීමට  අද (27)  පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබේ.

මේ අනුව සහල් සදහා පනවා තිබූ උපරිම සිල්ලර මිල සහ තොග මිල   අහොස්  වනු ඇත.

ඊයේ (26)  විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ශ්‍රී ලංකා සහල් නිශ්පාදකයන්ගේ සංගමය ප්‍රකාශ කළේ තමන් ඉදිරිපත් කරන සාධාරණ මිලට සහල් මිල දී ගැනීමට රජය එකඟ නොවුනහොත් සහල් නිශ්පාදනයෙන් ලබන සතියේ දී ඉවත් වන බවය.


රජය නියම කරනු ලබන පාලන මිලට විකුණන සෑම සහල් කිලෝවකින්ම රුපියල්  හයක ශුද්ධ පාඩුවක්  විඳින්නට සිදුවන බව එම සංගමය හෙළි කළේය.

එමෙන්ම පසුගිය කන්නයේ වී අස්වැන්නෙන්  සියය පනස් පහක ප්‍රමාණයක්ම ගොවීන් අලෙවි නොකර තබාගෙන තබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රටින් ආනයනය කිරීමට වෙළෙඳ ඇමතිවරයාට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. වෙළෙඳපොළේ කිසිදු කෘතීම සහල් හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා එම තීරණය ගෙන ඇත.

Exit mobile version