මිලදී ගන්නා සෑම මත්පැන්  බෝතලකම මිලෙන් සියයට 65ක් ම ආණ්ඩුවට

අරක්කු විකුණා දවසකට ලබන රාජ්‍ය ආදායම කෝටි 33 යි.

වසංගතය සමඟ සමාජයේ දැඩි සේ කතා බහට ක් වූ මාතෘකාවක් වූ මත් පැන් මෙරට රාජ්‍ය ආදායමට දක්වන බලපෑම ඉතා ඉහළ මට්ටමක පවතින බව මෙරට ප්‍රධාන පෙළේ මත්පැන් නිෂ්පාදන සමාගමක ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාසරට පැවසීය. ඔහු පවසන්නේ මෙරට අලෙවි වන සෑම මත්පැන් බෝතලයකින්ම අවම වශයෙන් රුපියල් 1066ක් බදු වශයෙන් පාරිභෝගිකයාගෙන් එකතු වන බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රි ලංකාවේ මත් පැන් නිෂ්පාදනයේදී බදු අය කර ගැනීමේ පියවර තුනක් පවතින අතර මෙම සියලු බදු අවසාන මිලට එකතු වන බව ඔහු පවසයි. මෙම සමාගම් නිලධාරියාට අනුව මෙරට අලෙවි කෙරෙන මත් පැන් බෝතලයක අවම මිල රුපියල් 1640කි. එයින් සියයට 65කට ආසන්න ප්‍රමාණයක් බදු වශයෙන් රාජ්‍ය ආදායමට එකතු වන අතර මත් පැන් නිෂ්පාදන ක්‍රියාවලියේ සියලු පාර්ශ්ව වෙත බෙදී යන්නේ ඉතිරි සියයට 35ත් 40ත් අතර ප්‍රමාණයක් බවය. එම මුදල රා මදින්නන්, එකතු කරන්නන් එතනොල් සැපයුම්කරුවන්, බෝතල් ඇතුළු ඇසුරුම් සැපයුම්කරුවන්, මත්පැන් නිෂ්පාදන කර්මාන්තයේ සියලු වියදම් , පුවාහන, නියෝජිත ලාබ ඇතුළු සියලු දේ සඳහා වෙන්වන බවත් ඔහු පෙන්වා දෙයි.
ශ්‍රි ලංකාවේ මාසික නීත්‍යනුකූල මත්පැන් නිශ්පාදනය (බියර්ප, රා විදේශ මත්පැන් හැර) ලීටර මිලියන  7.2කි එනම් හැත්තෑ දෙලක්ෂයකි. එය බෝතල්වලින් බැලුවහොත් දළ වශයෙන්  බෝතල් ලක්ෂ 96කි ඒ අනුව දෛනික ව අලෙවි වන මත් පැන් බෝතල සංඛ්‍යාව 331304කි. මෙම බෝතල් එකම ආකාරයකට නිෂ්පාදනය වන්නේ සහ අලෙවි වන්නේ නැත.මත්පැන් ආකාර සහ වර්ග අනුව එහි  සිල්ලර මිල වෙනස් වෙයි. මෙරට සුලබව අලෙවි වන “අති විශේෂ “ එනම් ගල් අරක්කු බෝතලයක් මිලග දී ගන්නකු පමණක් එක් බෝතලයක් සඳහා රුපියල් දහසකට අධික මුදලක් බදු වශයෙන් රජයට ගෙවීමට සිදුවෙයි.
ඒ අනුව සියයට 60ත් 65ත් අතර වන මත්පැන් නිෂ්පාදන බදු පියවර තුනක් අයටතේ අය කෙරෙන අතර නිෂ්පාදප සමාගම, බෙදාහරින්නා සහ සිල්ලර ව්‍යාපාරිකයා වෙතින් මෙම බදු අය කෙරෙයි. කෙසේ වුවද මෙම සියලු බදු අවසානයේ පාරිභෝගිතයාට බැර වන අතර මෙම ගණන් හිලව් අනුව දිනකට ශ්‍රි ලංකාවේ ජනතාව ඉහත කී බීර, රා හෝ විදේශ මත්පැන් හැර සෙසු මත්පැන් මිලී ගැනීමේදී බදු වශයෙන් අවම වශයෙන් රුපියල් මිලියන 331ක් වත් ගෙවන බවත් එය ඊට වඩා අනිවාර්යයෙන්ම වැඩි වන බවත් මෙම සමාගම් නියෝජිතයා පෙන්වා දෙයි.

Exit mobile version