මිරිහාන සිද්ධිය… අත්අඩංගුවට ගත් පිරිස 54 තෙක් ඉහළට… තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතයි…

මිරිහාන ඇඹුල්දෙණිය පාරේ  ජනපති නිවෙස ඉදිරිපිට පැවැති විරෝධතාවයට සම්බන්ධව අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 54 තෙක් ඉහළ තිබේ.

විරෝධතාවය  අතරතුර බස් රථ සහ වාහන රැසකට පහර දී  ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් සැකපිට මේ වනවිට මෙ  පුද්ගලයන් 54 දෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව   පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සිද්ධියට  සම්බන්ධ තවත් පුද්ගලයන් පිරිසක් හඳුනාගෙන ඇති බවත්, ඔවුන් ද අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බවද මාධ්‍යප්‍රකාශකවරයා වැඩිදුරටත් කීවේය.


Exit mobile version