මිය ගිය අය සැමරීමට ඇති සදාචාරාත්මක අයිතිය ගැන මහ විරු දිනය සමරන්න ගිය පොන්නම්බලම් කියයි..

දිනසේන රතුගමගේ

ඕනෑම ජාතිකට තමන්ගේ මියගිය පිරිස සැමරීම සදහා සදාචාර අයිතියක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් පැවසීය. 

ඔහු මේ බව ප්‍රකාශ කළේ  මහවිරු උළෙල සැමරීම සදහා මුලතිව් වන්නේරීකුලම් සුසාන භූමිය සුද්ධ පවිත්‍ර කරමින් සිටියදී යුද හමුදාව හා පොලීසිය එම ස්ථානයට ගොස් ඊයේ (16) මූලික පරීක්ෂණයක් ආරම්භ කළ අවස්ථාවේ දීය. 

පොලිසිය සහ හමුදාව පැමිණ ඒ සම්බන්ධව ප්‍රශ්න කළ විට මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීවේ තමන් ජනතාව නියෝජනය කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බවත්, සුසාන භූමියක් සුද්ධ පවිත්‍ර කිරීම සඳහා ශ්‍රමදානයක් පැවැත්වීමට කිසිවෙකුගෙන් අවසරයක් ලබා ගැනීම අනවශ්‍ය බවත් ය. 


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුව එම ස්ථානයේ සිටි පිරිසගෙන්  ප්‍රකාශයක් ලබාගත් පොලිසිය සුසාන භූමි ශ්‍රමදානය  අවසන් වන තුරු  රැඳී සිටිමින් සිදුවන දේ නිරීක්ෂණය කර තිබිණි.   

 

Exit mobile version