මිනුවන්ගොඩ කොවිඩ් කත යාපනයට පැමිණි බස් රථවල සිටි අයට නිවේදනයක්…

දිනසේන රතුගමගේ

මිනුවන්ගොඩ සිට යාපනයට පැමිණීමෙන් පසුව කොරෝනා රෝගයට ගොදුරු වූ කාන්තාව ගමන් කළ බස් රථ දෙක කෙරෙහි අවධානය යොමු කොට එම   බස් රථ වලින්  ගමන් කළ පිරිස වහාම ළගම පිහිටි රජයේ රෝහල වෙත ගොස් පී.සී.ආර්.පරීක්ෂණයක් සිදු කරගන්නා ලෙස  උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සියලු දෙනාගෙන් ඉල්ලීමක් කොට තිබේ.

මෙම කාන්තාව කොළඹ සිට   2020-10-03 වන දින රාත්‍රී 8-30 ට යාපනය බලා ධාවනය වූ  ”රන්සිලු එක්ස්ප්‍රස් ” නැමති අංක WP ND 6503 දරණ බස් රථයෙන් පැමිණ 4 දා උදෑසන  5 ට යාපනයට ළගා වී තිබේ.

පසුව ඇය සිය ගම් ප්‍රදේශය වන පුංගුඩුතීව් බලා පිටත්ව ගොස් ඇත්තේ ඔක්තෝබර් මස 4 දා උදෑසන 5-10 ට ගමන් කළ ”මාතා” නැමති අංක NP ND 8790 දරණ බස් රථයෙනි.


ඇය උදෑසන 7 ට පමණ එම බස් රථයෙන් බැස ඇගේ නිවසට ගොස් තිබේ.

කොළඹ සිට යාපනය දක්වා ඇය ගමන් කළ බස් රථයෙන් විශාල පිරිසක් පැමිණි බව ඇය ප්‍රකාශ කිරීම නිසා උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සදහන් කරන්නේ මෙම බස් රථවලින් පැමිනි අය වේ නම් වහාම රෝහලකට ගොස්  පී.සී.ආර්.පරීක්ෂණයක් කර ගන්නා ලෙසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබදව තවදුරටත් විස්තර අවශ්‍ය වන්නේ නම් 021-2226666 යන දුරකතනය අමතා විස්තර ලබා ගන්නා මෙන් උතුරු පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පී.කේතීස්වරන් මහතා ඉල්ලීමක් කරයි.

 

Exit mobile version