මිනුවන්ගොඩට කොවිඩ් පැමිණි හැටි ගැන නීතිපති තුන්වැනි වතාවටත් පොලිස්පති අමතයි

බ්‍රැන්ඩික්ස් ආශ්‍රිතව කොරෝනා පොකුර ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් පළපුරුදු අත්දකීම් සහිත නිලදාරීන් පිරිසක් යොදවා කර්මාන්තශාලාව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට මීට කලින් දෙවතාවක් නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියද මෙතෙක් එම කටයුත්ත සිදුව නැති බැවින් ඒ පිළිබඳව යලි අවධානය යොමුකරමින් නීතිපතිවරයා තුන්වැනි වතාවටද වැඩබලන පොලිස්පතිවරයාට ලිඛිත ඉල්ලීමක් අද දිනද සිදුකර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නිතිපතිවරයාගේ ප්‍රකාශිකා නීතීඥ නිෂාරා ජයරත්න මෙනෙවියට අනුව කොවිඩ් වසංගතය දෙවන වරට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවට පැමිණියේ කෙසේද යන්න පිළිබඳ අපරාධ විමර්ශෂණයක් පවත්වන ලෙස පසුගිය ඔක්තෝබර් 27 වැනිදා සහ 29 වැනිදා ලිපි දෙකක් යොමු කළ බවත් ඒ අනුව 29 වැනිදා වැඩ බලන පොලස්පතිවරයා වෙත යවන ලද ලිපියෙන් මෙම පරීක්ෂණය සහ ජ්‍යෙෂ්ඨ නිලදාරීන්ගෙලන් සමන්විත පළපුරුදු විමර්ශකයන් කණ්ඩායමක් පත්කරන ලෙස ගරු නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිතුමාට නිශ්චිතව උපදෙස් ලබා දුන්නද මේ වන තෙක් එවන් කණ්ඩායමක් පත්කළ බවට තමන්ට දැනගන්නට නොමැති බව නීතිපතිවරයා විසින් සඳහන් කර තිබේ. මේ අනුව වසංගත පොකුර හේතුවෙන් සමස්ත රටවාසින්ගෙම ජීවිත අවදානමටකට දැඩි අනතුරුදායක තත්වයක් උද්ගතව ඇති බවට දැඩි සැකයක් පවතින බවත් එබැවින් මුහණ දෙන්නට සිදුව ඇති බවත් මෙකී තත්ත්වය යටතේ මෙකී විමර්ශණයට හැකි ඉහළම ප්‍රමුඛතාව ලබා දී අදාළ නිලදාරීන් කණ්ඩායමක් පත්කොට එම නිලධාරීන්ගේ නාම ලේඛනය නීතිපතිවරයා වෙත ලබා දීමට කටයුතු කරන ලෙස අද දින යැවූ ලිපියේ සඳහන් වන බව නීතීඥ ජයරත්න මෙනෙවිය සඳහන් කළාය.

Exit mobile version