මිනිස්සු ක්‍රිකට් තහනම් කරන්නට පෙර අයි.සී.සී. ය ගෙනා තහනම හොඳයි..

ලෝක කුසලානයේ අනාගත සැලසුම විසිඳී අවසන්ය. ප්‍රසාද ලකුණු සටහන අනුව ඉන්දියාව දකුණු අප්‍රිකාව ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අවසන් පූර්ව තරගවලට තේරී ඇත.

අද (12) සම්ප්‍රදායනුකූලව පැවැත්වෙන ඉන්දියාව සහ නෙදර්ලන්තය අතර තරගය අපරාජිත ඉන්දියානු කණ්ඩායමට අවසන් පූර්ව වටයට ප්‍රවේශය සඳහා වූ  එක් පෙරහුරු තරගයක් පමණි. ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ මුල් තැනය. නෙදර්ලන්තය අවසන් තැනය.

ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ට හිමි ස්ථිර 09 වැනි ස්ථානය ද සමග මේ වනවිට සිය රටට පැමිණ ඇත.  අපට පහළින් ඉන්නේ නෙදර්ලන්තය පමණි.  පරාජයේ වාර්තා රැසක් මේ තරගාවලිය තුළ අප විසින් තබා තිබිණි. තරගාවලිය තුළ  අඩුම ලකුණු ගණනකට දැවී ගිය කණ්ඩායම, වැඩිම ලකුණු ගණනක් ප්‍රතිවාදීන්ට ලබා දී පැරදුන කණ්ඩායම,  ප්‍රතිවාදීන් වැඩිම ලකුණු ගණනක් හඹා ගොස් පරාජය කළ කණ්ඩායම ලෙස වාර්තා තබා  වීදි ක්‍රිකට් මට්ටමේ පවතින තමන්ගේ ක්‍රීඩාව ජාත්‍යාන්තර තලයට නොගැලපෙන බව අප සහතික කර ප්‍රකාශ කර තිබේ.

පරාජයන් රැසක අහිමිරි අත්දැකීම් සහිතව සිටි එංගලන්තය  ඊයේ  පැවති පකිස්ථාන තරගයෙන් ලබා ගත් ලකුණු 93ක ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ බෝහෝ දවසක් අවසන් ස්ථානයේ සිටි එංගලන්තය 07 වැනි ස්ථානයට පැමිණ ඇත. පකිස්ථානය 05 වැනි  ස්ථානයේත්,  ඇෆ්ගනිස්ථානය 06 වැනි ස්ථානයේත්,  එංගලන්තය 07 වැනි ස්ථානයේත්, බංගලාදේශ 08වන ස්ථානයේත් සිටිමින් තරගාවලිය නිමා කර තිබේ.


අපේ කණ්ඩායම  ප්‍රේක්ෂාගාරයේ හිඳුවා  ලෝක කුසලාන තරග තවමත් පැවැත්වෙන්නේය.   ඉදිරිියටත් ඔවුන්ට  ප්‍රේක්ෂකයන් වීමේ අවදානමක්  සහිතය. දැන් අපේ ක්‍රිකට් තහනම්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එක අතකට මෙහෙම ක්‍රිකට් ගහනවාට වඩා ක්‍රිකට් තහනම් වීම හොඳය. එසේ නොවුනානම් මේ රටේ ක්‍රිකට් තහනම් කරන්නේ අයි.සී.සී. ය නොව මේ රටේ මිනිස්සුය.

Exit mobile version