මින්නේරිය ආයුර්වේද රෝහල කුඩු කළ වන අලියා…

මනම්පිටිය නිමල් ජයරත්න –  

පොළොන්නරුව මින්නේරිය ආයුර්වේද පංච කර්ම මධ්‍යස්ථානයට  ඊයේ (25 ) අලුයම 4.00 ට පමණ එල්ල වූ වන අලි ප්‍රහාරයකින් දැඩි ලෙස හානි සිදුව ඇති බව මින්නේරිය ආයුර්වේදී කාර්යාලයේ සේවකයන් සඳහන් කරති.

මෙම අලි ප්‍රහාරය හේතුවෙන් මින්නේරිය ආයුර්වේදයේ පංච කර්ම මධ්‍යස්ථානයට බරපතළ හානි සිදුව ඇති බවද මින්නේරිය   මූලික ආයුර්වේද රෝහලේ වෛද්‍ය අධිකාරී ඒ්.ඒ. ශ්‍රීමති අතාවුද   සඳහන් කළාය.

ආයුර්වේද රෝහල වටා තිබූ වැට, කඩාගෙන විත් පසුගිය කාලවලදී මෙම තනි අලියා  ආයුර්වේද රෝහලට හානි සිදු කර ඇති බවත්, 25 වෙනිදා අලුයම ආයුර්වේද පංචකර්ම මධ්‍යස්ථානයට ගොඩනැගිලි කිහිපයක බිත්ති, දොරවල්, ජනෙල් කඩා විනාශ කර ඇති බවත්  වෛද්‍ය අධිකාරීවරිය සඳහන් කළාය.

තමන් මේ පිළිබඳව පළාත් ආයුර්වේද කොමසාරිස්වරයා ඇතුළු වනජීවී නිලධාරීන් දැනුවත් කළ බවත්, මෙම තත්ත්වයට ඉතා කඩිනමින් විසඳුම් ලබාදීමට පියවර ගන්නා ලෙසත් ඇය ඉල්ලා සිටියාය.


මින්නේරිය ජාතික වනෝද්‍ය කලාපයේ සිට නිරන්තරයෙන්ම පැමිණෙන වන අලියෙකු අවට ගම්වාසී ජනතාවගේ නිවාසවලටද බරපතළ ලෙස නිරන්තරයේම පහර දෙන බවත්, මෙම තත්ත්වය මත මින්නේරිය ආයුර්වේද රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට අවදානම් තත්ත්වයක් පවතින බවත් මින්නේරිය ආයුර්වේද රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීහු පවසති.

මෙම තනි අලියා රෝහලේ නේවාසිකව රැඳී සිටින සේවක මහතුන්ගේ සේවක නිල නිවාස කිහිපයකටද පහරදී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම තනි අලියා අල්ලා ප්‍රදේශයෙන් වෙනත් ප්‍රදේශයකට රැගෙන යන ලෙසත්, මෙම තත්ත්වය දිගටම පැවැතියහොත්  මින්නේරිය ආයුර්වේද රෝහලේ රාත්‍රී කාලයේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා රෝගීන්, ඇතුළු තමන්ද බරපතළ ජීවිත අවධානමකට මුහුණ දෙන බව මින්නේරිය රෝහලේ සේවකයෝ පෙන්වා දෙති.

Exit mobile version